වසර කිහිපයකට පෙර මාත් මගේ භාර්යාව වන කැරොලයිනුත් වොෂින්ටන් ප‍්‍රාන්තයේ රේනියර් කඳු පාමුළ කඳවුරක් ගසාගෙන දින කිහිපයක් ගත කළෙමු. එක් සන්ධ්‍යාවක අප සිටි කූඩාරමට එන අතර, තණ පිට්ටනියක් මැද පිරිමි වලසුන් දෙදෙනෙක් එකිනෙකාට කණට ගසා ගනිමින් සිටියෝය. අප නැවතී බලා සිටියෙමු. අසල සිටි කඳු නගින්නෙකුගෙන් අපි “ඇයි මේ?” කියා ඇසුවෙමු. “තරුණ වැලහින්නක්” යැයි ඔහු කීවේය. “ඇය කෝ?” මම ඇසුවෙමි. “විනාඩි විස්සකට කලින් ඇය යන්න ගියා.” මා සිතාගත්තේ දැන් සටන වැලහින්න නිසා නොව “ශක්තිමත් වලසා” තෝරාගැනීමට බවයි.

බොහෝ සටන් ඇතිවන්නේ ප‍්‍රතිපත්ති හෝ නීතිමාලා නිසා හෝ හරි, වැරැද්ද නිසා නොවේ. බොහෝ විට එ්වා උඩඟුකම නිසා ඇතිවේ. හිතෝපදේශයේ ණැනවතා තම පොරොවෙන් ගැටළුවෙහි මුළට පහර දෙන්නේය. එහෙයින් ඔහු “උඩඟුකමෙන් තරඟය හටගන්න” බව පවසයි (13:10). දබර ඇති වන්නේ උඩඟුකම නිසා, නිවැරදි වීමට අවශ්‍ය නිසා, අපගේ ක‍්‍රමය අවශ්‍ය නිසා අපගේ සීමාව රැකගැනීමට හෝ අපගේ මමත්වය ආරක්ෂා කර ගැනීමට යාමෙනි.

අනෙක් අතට, උපදෙස් පිළිගන්නා අය එනම් ඇහුම්කන් දී ඉගෙන ගන්නා සහ අවවාද ලැබීමට කැමති අය සමඟ ප‍්‍රඥාව පවතී. යටත්වෙන්නන් සමඟ ප‍්‍රඥාව තිබේ. තම ආත්මාර්ථකාමී ඉලක්ක ඉවත්කරගන්නා අය: අනිත් පුද්ගලයාගේ අදහසට ඇහුම්කන්දී තමාගේ මතයන් නිවැරදි කර ගන්නා අය වෙත ප‍්‍රඥාව තිබේ. එය යන සෑම තැන සමාදානය පතුරුවන දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාවයි.