පළමු ලෝක යුද්ධය ආරම්භවී සියවසක් සිහිකිරීම 2014 ජූලි 28 වැනි දින සිදු විය. වසර 4ක එම ගැටුමේ ආරම්භය පිළිබඳ බි‍්‍රතාන්‍ය මාධ්‍ය බොහෝ සාකච්ඡා සහ වාර්තා චිත‍්‍රපට විකාශනය කළේය. “මිස්ටර් සෙල්ෆ්‍රිජ්” නැමති ලන්ඩනයේ තිබූ සැබෑ සුපිරි වෙළඳ සැලක් පිළිබඳ චිත‍්‍රපටයකද 1914දී තරුණ පිරිමි සේවකයන් යුද හමුදාවට බැඳීමට පෝළිම් ගැසී සිටි ආකාරය පෙන්වා තිබේ. ආත්ම පරිත්‍යාගය පිළිබඳ මෙම දර්ශන නරඹන විට මාගේ සිතට වේදනාවක් ඇතිවිය. ඔවුන් පෙන්වූ එම සොල්දාදුවෝ බොහෝ ලාබාල අය වූහ. ඔවුන් උනන්දුවෙන් ගියද යුද අගල් වල භයංකාරත්වයෙන් මිදී නැවත නිවෙස්වලට ආපසු පැමිණේදැයි සැක සහිත විය.

යේසුස්වහන්සේ ලෞකික සතුරෙකු පරාජය කිරීමට යුද්ධයට නොගියද පරම සතුරා පැරදීමට උන්වහන්සේ කුරුසියට ගිය සේක. එනම් පාපය සහ මරණයයි. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය ක‍්‍රියාවෙන් පෙන්වීමට ලෝකයට පැමිණිසේක. එ් පාපයට සමාව දිය හැකි වන පිණිස කුරිරු මරණයකට ගොදුරු වීමටය. එසේම තමන්වහන්සේට කසපහරදී කරුසිපත් කළ අයට සමාවදීමට උන්වහන්සේ සූදානම්ව සිටිසේක (ලූක් 23:34). උන්වහන්සේ තම නැවත නැගිටීමෙන් මරණය පැරදූ සේක. එහෙයින් දෙවියන්වහන්සේගේ සදාතනික පවුලේ සාමාජිකයෙකු වීමට අපට හැකිය (යොහන් 3:13-16).

සංවත්සර සහ සිහිකිරීම් අපට වැදගත් ඒවා ඓතිහාසික සිදුවීම් සහ වීර ක‍්‍රියාවන් මතක් කරන බැවිනි. කුරුසිය අපට මතක් කරන්නේ යේසුස්වහන්සේගේ මරණයේ වේදනාව සහ අපගේ ගැළවීම උදෙසා උන්වහන්සේ කළ පූජාවේ අලංකාරයයි.