විශ්ව විද්‍යාලයේ මගේ ලේඛක පන්තියේ සිසුවාගේ විද්‍යුත් පණිවිඩයෙහි හදිසි බව ගැබ්විය. එය වාර අවසානය වූ අතර ක‍්‍රීඩා වලට සහභාගිවීමට හොඳ ලකුණු අවශ්‍ය බව ඔහුට මතක් විය. දැන් කුමක් කරන්නද? ඔහුට පැවරුම් කිහිපයක් අතපසුවී තිබිණි. එහෙයින් ඔහුගේ පැවරුම් සම්පූර්ණ කර ලකුණු වැඩි කර ගැනීමට දින දෙකක් දුනිමි. ඔහුගේ ප‍්‍රතිචාරය වූයේ “ඔබට ස්තූතීයි. මම එ්ක කරන්නම්” යන්නයි.

දින දෙක අවසන් විය. කාලය නිමා විය. ඔහුගේ පැවරුම පැමිණියේ නැත. ඔහුගේ වචන ඔහු ක‍්‍රියාවෙන් පෙන්නුවේ නැත.

එවැනි දෙයක් කළ තරුණයෙකු ගැන යේසුස්වහන්සේ පැවසූසේක. තරුණයාගේ පියා මිදිවත්තේ යම් වැඩක් කරන්න යැයි ඔහුට පැවසීය. පුත‍්‍රයා “ස්වාමිනී යමියි” කීවේය. එහෙත් ඔහුගේ කථාව පමණි. ක‍්‍රියාව නැත.

මෙම උපමාව ගැන විස්තර කරන මැතිව් හෙන් පවසන්නේ “මල් සහ පොහොට්ටු ගෙඩි නොවේ” කියාය. අපගේ වචන වල මල් සහ පොහොට්ටු අප කරන්නට යන දේ ගැන බලාපොරොත්තුව උපදවයි. එහෙත් එය නොකෙරේ නම් එම වචන නිශ්ඵලය. යේසුස්වහන්සේ මෙහිදී ඉලක්ක කළේ පසුතැවිල්ල නැතිව කීකරුකම ගැන කථා කළ ආගමික නායකයන්ය. එහෙත් එම වචන අපටද අදාල වේ. අපගේ ස්වාමීන් සහ ගැළවුම්කරුවාණන්ට අප ගෞරව කරන්නේ “ක‍්‍රියාවෙනුත් සැබෑවෙනුත්” දෙවියන්වහන්සේ අනුගමනය කරන විට මිස හිස් පොරොන්දු දීමෙන් නොවේ (1 යොහන් 3:18).

දෙවියන්වහන්සේට කීකරුවීම පිණිස අප කරන ක‍්‍රියා, අප හොඳින් සිටින බව ඇඟවීමට කියන කුමන නිෂ්ඵල වචනයටත් වඩා ප්‍රේමය, ගෞරවය සහ ප‍්‍රශංසාව උන්වහන්සේ වෙත ගෙනඑයි.