දෙවන ලෝක යුද්ධ සමයේ උතුරු කැරොලයිනා වෙරළට සැතපුම් 300ක් ඈත මුහුදේදී නැවියන් 27 දෙනෙකුගේ ජීවිත බේරුණේ කුඩා මාලිමා යන්ත‍්‍ර නිසාය. විශ‍්‍රාම ගිය වෙළඳ නැවියෙක් වන වොල්ඩිමාර් සෙමනෙව්, එස්. එස්. ඇල්කෝවා නෞකාවේ කණිෂ්ඨ ඉංජිනේරුවරයෙකු ලෙස ක‍්‍රියා කළේය. ජර්මානු සබ්මැරීනයක් නැවට වෙඩි තැබූ විට නැවට ගිනි ඇවිලී නැව ගිලීමට පටන් ගත්තේය. සෙමනෙව් සහ ඔහුගේ සේවකයෝ මාලිමා යන්ත‍්‍ර සහිත ජීවිතාරක්ෂක බෝට්ටු ජලයට බැස්සවූහ. එම මාලිමා යන්ත‍්‍රවල ආධාරයෙන් ඔව්හු වෙරළට සමීපව තිබූ නැව් මාර්ගවලට අවතීර්ණ වූහ. තුන් දිනකට පසු ඔව්හු ගැළවුණෝය.

ගීතිකාකරු දෙවියන්වහන්සේගේ සෙනඟට මතක් කර දුන්නේ දෙවියන්වහන්සේගේ වචනය විශ්වාසය තැබිය හැකි “මාලිමාවක්” බවය. ඔහු එය පහනකට සමාන කළේය. එ් දිනවලදී සංචාරකයෙකුට මඟපෙන්වූ දීප්තිය දුන් එකම ආලෝකය වූයේ වැඩිවෙමින් අඩුවෙමින් එළිය දුන්නාවූ ඔලීව තෙල් ලාම්පුවකි. ගීතිකාකරු දෙවියන්වහන්සේගේ වචනය එවැනි ලාම්පුවකට සමාන කරයි. එය දෙවියන්වහන්සේ පසුපස යන්නන්ගේ මාවත ආලෝකමත් කිරීමට සෑහෙන එළියකි (ගීතාවලිය 119-105). ජීවිතය අවුල් මඟක යන විට දෙවියන්වහන්සේ තම වචනයේ මඟපෙන්වීම තුළින් ඔහුට දිශාව පෙන්වන බව ගීතිකාකරු විශ්වාස කළේය.

අපගේ ජීවිතය අර්ථ ශූන්‍ය යැයි අපට සිතෙන විට දෙවියන්වහන්සේ සමඟ ගැඹුරු සහභාගිකමකට යන පිණිස දෙවියන්වහන්සේ තම විශ්වාසවන්ත වචනය මාලිමාවක් ලෙස භාවිතා කරනසේක.