සී. එස්. ලුවිස් ඔහුගේ ස්කෲටේප් ලෙටර්ස් නැමති පොතෙහි ජේ්‍ෂ්ඨ යක්ෂයෙකු සහ කණිෂ්ඨ යක්ෂයෙකු අතර ඇතිවන මනඃකල්පිත සාකච්ඡාවක් සටහන් කරයි. කිතුනුවෙකු හරියාකාරව පරික්ෂාවට පොළඹවන්නේ කෙසේදැයි ඔව්හු කථා කරති. යක්ෂයන් දෙදෙනා දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයා තුළ ඇති ඇදහිල්ල විනාශ කිරීමට මාන බලයි. ජේ්‍ෂ්ඨ යක්ෂයා කණිෂ්ඨ යක්ෂයාට මෙසේ පවසයි. “රැවටෙන්න එපා. මිනිසෙකු විශ්වය වටා බලා දෙවියන්වහන්සේගේ ඡයාවක්වත් නැති බව පෙනී, දෙවියන්වහන්සේ මා අත්හැරියේ ඇයි කියා අසා ඉන්පසුත් කීකරුවන අවස්ථාව තරම් අපගේ අරමුණු අනතුරට දමන තවත් අවස්ථාවක් නැත.”

තමන් අත්හැර ඇත යන හැඟීම තිබියදීත් ඇදහිල්ලෙන් ක‍්‍රියා කළ සෙනඟ ගැන බොහෝ උදාහරණ බයිබලය දෙයි. උරුමකරුවෙකු දෙන බව තමන්ට දුන් පොරොන්දුව අතපසු කර ඇතැයි ආබ‍්‍රහම්ට හැගිණි (උත්පත්ති 15:2-3). තමන්ගේ කරදරයේදී තමා අමතක කර ඇතැයි ගීතිකාකරුට හැඟින (ගීතාවලිය 10:1). යෝබ්ගේ කරදර ඉතා විශාලවූ නිසා දෙවියන්වහන්සේ තමන්ව මරා දමනු ඇතැයි යෝබ් කල්පනා කළේය (යෝබ් 13:15). යේසුස්වහන්සේ කුරුසියේ සිට මොරගැසුවේ “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද?” කියාය (මතෙව් 27:46). එහෙත් එ් හැම විටම දෙවියන්වහන්සේ විශ්වාසවන්ත බව පෙන්නුම් කළසේක. (උත්පත්ති 21:1-7; ගීතාවලිය 10:16-18; යෝබ් 38:1-42:17; මතෙව් 28:9-20).

ඔබව අත්හැර ඇතැයි සිතීමට සාතන් ඔබ රැවටුවද දෙවියන්වහන්සේ සැම විට ඔබ ළඟ සිටිනසේක. උන්වහන්සේ තමන්ට අයිති අය අත්නාරිනසේක. “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹව අත් නොහරිමියි” උන්වහන්සේ කියනසේක (හෙබ්‍රෙව් 13:5). “ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය, මම භය නොවන්නෙමි” කියා අපට නිර්භීතව කිව හැකිය (6 පදය).