බීමත් රියදුරා කිසිදු හානියක් නොමැතිව බේරී යන අතර හොඳ සිහියෙන් සිටි පුද්ගලයා ඔහු නිසා අනතුරට ලක්ව බොහෝ තුවාල ලබන්නේ ඇයි? යහපත් පුද්ගලයන් දුක්විඳින විට අයහපත් පුද්ගලයන් සමෘද්ධිමත් වන්නේ ඇයි? ඔබගේ ජීවිතයේ කාරණා වලින් ඔබ ව්‍යාකූලවී “දෙවියන්වහන්සේ නොබලන්නේ ඇයි?” කියා කීවරක් මොරගසා තිබේද?

හබක්කුක් එම ප‍්‍රශ්නයෙන්ම පීඩා වින්දේය. එ් ඔහු යුදාහි නපුර සහ අසාධාරණය ඉහවහා ගොස් තිබූ පීඩාකාරී තත්ත්වයන් දුටු විටය (හබක්කුක් 11:1-4). ඔහුගේ ව්‍යාකූලතාව නිසා, එම තත්ත්වය නිවැරදි කිරීමට දෙවියන්වහන්සේ ක‍්‍රියානොකරන්නේ ඇයිදැයි ඇසීමට ඔහු පෙළඹිණ. දෙවියන්වහන්සේගේ පිළිතුර අප පුදුමයට පත් කරවයි.

යුදා නිවැරදි කිරීමට කල්දිවරු භාවිත කරන බව දෙවියන්වහන්සේ කීසේක. කල්දිවරු කෲරත්වයට ප‍්‍රසිද්ධවූහ (7 පදය) ඔව්හු ප‍්‍රචන්ඩත්වයට නැඹුරු අය වූහ (9 පදය). ඔව්හු නමස්කාර කළේ තම හමුදා බලයට සහ ව්‍යාජ දෙවිවරුන්ට පමණකි (10-11 පද).

දෙවියන්වහන්සේගේ මාර්ග අපට නොතේරෙන අවස්ථා වලදී උන්වහන්සේගේ නොවෙනස්වන චරිතය අපි විශ්වාස කළ යුතුවේ. හබක්කුක් කළේ එයමය. දෙවියන්වහන්සේ සාධාරණත්වය, දයාව සහ සත්‍යයේ දෙවිකෙනෙකු බව ඔහු විශ්වාස කළේය (ගීතාවලිය 89:14) එහෙත් එ් සිද්ධියේදී ඔහු තම තත්ත්වයේ සිට දෙවියන්වහන්සේගේ චරිතය දෙස බැලීම වෙනුවට දෙවියන්වහන්සේගේ චරිත ව්‍යුහය තුළින් ඔහුගේ තත්ත්වය දෙස බැලීමට ඉගෙන ගත්තේය. ඔහු අවසන් කළේ “ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මාගේ බලයය. උන්වහන්සේ මාගේ පාද මුව දෙනුන්ගේ පාදවලට සමාන කොට මාගේ උසස් ස්ථාන පිට යන්ට සලස්වනසේක කියාය (හබක්කුක් 3:19).