මා වෛද්‍යවරයා හමුවීමට පොරොත්තු කාමරයේ සිටින විට මට සිතීමට කාලය තිබිණ. මීට ටික කලකට පෙර මම මෙතැන සිටියෙමි. අපට ඇඟ සීතල වන ප‍්‍රවෘත්තියක් අසන්නට ලැබිණ. මාගේ සහෝදරයා මිය යාමට තරුණ වැඩිය. ඔහුගේ “මොළය මැරී” තිබිණ. එහෙයින් අද දීර්ඝ ශල්‍යකර්මයකට මුහුණ දුන් මාගේ බිරිඳගේ තත්ත්වය ඇසීමට සිටින විට මම නිශ්චලව දෙවියන්වහන්සේගේ සියුම් හඬ අපේක්ෂා කළෙමි.

හදිසියේ ආරංචියක් ආවේය. වෛද්‍ය වරයාට මා හමුවීමට අවශ්‍ය විය. මා තනිවූ කාමරයකට ගොස් සිටියෙමි. එහි මේසය මත කඳුළු පිසින කඩදංසි පෙට්ටි දෙකක් විය. එය පැහැදිලිව පෙනින. එ් නාසය පිසදැමීමට නොවේ. “මොළය මැරිලා. අපට මොකුත් කරන්න බැහැ” වැනි මාගේ සහෝදරයා මිය ගිය විට ලැබුණා වැනි දැඩි වැකි වලටය.

එවැනි දුක හෝ අවිනිශ්චිත කාලයන්හිදී ගීතිකාවල අවංක භාවයට ඇස් යොමු කිරීම නිවැරදිය. 31 ගීතිකාව දාවිත්ගේ හෘදස්පන්දනයවේ. ඔහු බොහෝ දේ විඳ දරාගත්තේය. ඔහු ලීවේ “මාගේ… ශරීරයත් ශෝකයෙන් වැහැරීයයි” (10 පදය). එම දුක වැඩි කළේ තම මිතුරන් සහ අසල්වාසීන් විසින් ඔහු අත්හැරීමය (11 පදය).

එහෙත් එකම සත්‍ය දෙවියන්වහන්සේ මත දාවිත්ගේ ඇදහිල්ලේ කළුගල් අත්තිවාරම විය. “ස්වාමිනී මම ඔබ කෙරෙහි විශ්වාස කෙළෙමි. ඔබ මාගේ දෙවියන්වහන්සේය… මාගේ කාලයන් ඔබ අතේය (14-15 පද). ඔහුගේ විලාපය බලාපොරොත්තුවේ දෝංකාරයකින් අවසන්වේ. “ශක්තිමත්වන්න; ඔබගේ සිත ධෛර්යයවත් වේවා” (24 පදය). බලා සිටීමේ කමරයේදී මෙවර වෛද්‍යවරයා අපට යහපත් ආරංචියක් දුන්නේය. මාගේ භාර්යාවට පූර්ණ සුවයක් බලාපොරොත්තු විය හැකිය. ඇය “හොඳ” නොවුනත් අපගේ කාලයන් දෙවියන්වහන්සේගේ අතෙහිය.