මා පියට් වැවේ නිසල, පැහැදිලි ජලයෙහි මසුන් අල්ලමින් සිටියෙමි. හරිත වර්ණ ජල පැලෑටි බිස්සක් අසල බිලී පිත්ත දැමුවෙමි. කුඩා මුඛයක් ඇති විශාල මාළුවෙක් පැලෑටි පීරාගෙන පැමිණ නිරීක්ෂණයක නිරත වනවා මම දුටුවෙමි. ඌ ආකර්ෂණිය ඇමට ලංවිය. එ් දෙස හොඳින් බලා සිටියේය. නැවත වල් පැලෑටි අතරට රිංගා ගත්තේය. මෙය කිහිපවරක් සිදුවිය. ඉන්පසු ඌ බිලි කොක්ක දක්කේය. එවිට ඌ වලිගය වනමින් තම වාසස්ථානය වෙත ගියේය. නැවත ඌ ආවේ නැත.

සාතන්ද පරීක්ෂාවන් අප ඉදිරියේ බිලිකොක්කක් මෙන් එල්ලා තබයි. එය රසට පෙනේ. එසේම තෘප්තිය පොරොන්දුවේ. එහෙත් සාතන්ගේ බලය එතනින් අවසන්වේ. ඇම බලෙන් කැවීමට ඔහුට බැරිය. අපගේ කැමැත්ත අවසානයේ ඔහුගේ බලය නවතී. ශුද්ධාත්මයාණන්ගේ අවවාද අසා අපි “බැහැ” කිවූ විට සාතන්ට කිසිවක් කළ නොහැකිය. ඔහු දුවන්නේ යැයි යාකොබ් කියයි (4:7).

පේතෘස් අපොස්තුළුවරයාගේ වචන වලින් ඇදහිලිවන්තයින් වන අපට බොහෝ සැනසීම ගත හැකිය (මතෙව් 26:33-35). ඔහුද විශාල පරීක්ෂා අත්දුටුවේය. ජීවිතයේ පසු කාලයකදී ඔහු ලියා ඇත්තේ “සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන්… ඔබ මොබ ඇවිදින්නේය… අදහිල්ලෙහි ස්ථීරව සිට යක්ෂයාට විරුද්ධව සිටින්න” යනුවෙනි (1 පේතෘස් 5:8-9).

එම විශාල වයසක මත්ස්‍යයා මගේ කොක්ක මඟහැරිය ලෙස දෙවියන්වහන්සේගේ ශක්තියෙන් සාතන්ගේ ඉතා ආකර්ෂණිය උපක‍්‍රම සාර්ථක ලෙස මඟහැරීමට අපට හැකිය.