“ඔහු ඔබට හරියට හරියනවා” මාගේ මිතුරිය මට කීවාය. ඇය කීවේ ඇයට ඊට විනාඩි කිහිපයකට පෙර හමුවූ තරුණයෙකු ගැනය. ඇය ඔහුගේ කරුණාවන්ත ඇස්, කරුණාවන්ත සිනහව, ඔහුගේ කරුණාවන්ත හදවත විස්තර කළාය. මා ඔහු හමුවූ විට මට ඇය සමඟ එකඟ වීමට සිදුවිය. ඔහු අද මාගේ ස්වාමියාය. මම ඔහුට පේ‍්‍රම කිරීම විස්මයක් නොවේ!

සාලමොන්ගේ ගීතිකාවේ මනාලිය තම ප්‍රේමවන්තයා විස්තර කරන්නීය. ඔහුගේ පේ‍්‍රමය මිදියුෂ වලට වඩා හොඳය. සුවඳ විලවුන්වලට වඩා සුවඳය. ඔහුගේ නම මෙලොව ඕනෑම දෙයකට වඩා මිහිරිය. ඇය අවසන් කරන්නේ ඔහුට පේ‍්‍රමය ලැබීම විස්මයක් නොවේ කියාය.

එහෙත් ලෞකික පේ‍්‍රමවන්තයෙකුට වඩා ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙකු සිටී. උන්වහන්සේගේ ප්‍රේමයද මිදියුෂ වලට වඩා හොඳය. උන්වහන්සේගේ පේ‍්‍රමය අපගේ සැම අවශ්‍යතාවක් සපුරාලයි. උන්වහන්සේගේ “සුවඳ” වෙන කිසිම විලවුන් වර්ගයකට වඩා හොඳය. ඊට හේතුව උන්වහන්සේ අප වෙනුවෙන් තමන්ම පාවාදුන් විට උන්වහන්සේගේ පූජාව දෙවියන්වහන්සේට “මිහිරි සුවඳක්” විය (එපීස 5:2). අවසානයේදී උන්වහන්සේගේ නාමය සියලු නාම වලට වඩා ඉහළය (පිලිප්පි 2:9). අප උන්වහන්සේට පේ‍්‍රම කිරීම විස්මයක් නොවේ.

යේසුස්වහන්සේට ප්‍රේම කිරීමට ලැබීම වරප‍්‍රසාදයකි. එය ජීවිතයේ හොඳම අත්දැකීම වේ. එය උන්වහන්සේට කීමට අපි කාලය ගන්නෙමුද? අපගේ ගැළවුම්කරුවාණන්ගේ අලංකාරය අපි වචන වලට නගන්නෙමුද? අපගේ ජීවිත වලින් උන්වහන්සේගේ අලංකාරය අපි පෙන්වමු නම් “ඔබ උන්වහන්සේට පේ‍්‍රම කිරීම විස්මයක් නොවේ” යැයි අන් අය කියනු ඇත.