ඇමරිකානු පිහිනුම් ශූරියක වන ඩාරා ටෝරෙස්ට අනර්ඝ ක‍්‍රීඩා ජීවිතයක් තිබිණ. ඇය 1984-2008 දක්වා ඔලිම්පික් තරඟ 5කට සහභාගි වූවාය. ඇයගේ ක‍්‍රීඩා ජීවිතයේ අවසන් භාගයේ ඇය මීටර් 50 නිදහස් ආර ඇමරිකානු වර්තාව බිඳ දැම්මාය. එ් ඇයම වසර 25කට පෙර තැබූ වාර්තාවය. එහෙත් ක‍්‍රීඩාව සැම විට වාර්තා සහ පදක්කම් පමණක් නොවේ. ඇයගේ මලල ක‍්‍රීඩා ජීවිතයේ ඇයට තුවාල, ශල්‍යකර්ම එසේම අනිත් බොහෝ තරඟකාරියන්ට වඩා වයසින් දෙගුණයක් වැඩි වීම වැනි බොහෝ බාධා තිබිණ. “මට සැම දෙයක්ම, සැම දිනකම දිනීමට අවශ්‍ය විය. එ් මා කුඩා කාලයේ සිටය. පසුබෑම් වල හොඳපැත්තක් ඇති බවද මම දනිමි. එ්වා අලුත් සිහින නිපදවයි” ඇය කියන්නීය.

“පසුබෑම් වල හොඳපැත්තක් ඇත” යන්න ජීවිතයට විශාල පාඩමකි. ටෝරෙස්ගේ අරගල ඇයට ඉහළ ස්ථාන වලට යාමට පෙළඹවීමක් දුන්නේය. එ්වාට ආත්මික ප‍්‍රයෝජනයක්ද ඇත. යාකොබ් කියන්නාසේ “ඇදහිල්ල සෝදිසි කිරීමෙන් ක්ෂාන්තිගුණය උපදින බව දැන අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල එ් සියල්ල ප‍්‍රීතියක් යැයි සිතන්න” (යාකොබ් 1:2-3).

ජීවිත අසීරුතා ගැන එම දැක්ම ඇති කර ගැනීම පහසු නැත. එහෙත් එය වටින්නේය. දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාව ගැඹුරු කර ගැනීමට සෝදිසි අවස්ථාව දෙයි. සාර්ථකත්වයට ඉගැන්විය නොහැකි පාඩම් ඉගෙනීමට සෝදිසි අපිට අවස්ථා සපයයි. ඒ දෙවියන්වහන්සේ දෙස බලා සිටීමට සහ දරා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාගැනීම පිණිස අප තුළ ඉවසීමක් වර්ධනය කිරීමෙන්ය.

ගීතිකාකරු අපට මතක් කර දෙන්නේ “ස්වාමීන් කෙරෙහි බලා සිටුව. ශක්තිමත් වෙව, ඔබගේ සිත ධෛර්යයමත් වේවා; එසේය ස්වාමීන් කෙරෙහි බලා සිටින්න” යනුවෙනි (ගීතාවලිය 27:14).