මනහර ආරංචියක් කියන පිණිස දිනක් මිතුරියක් මා නතර කළාය. ඉන්පසු වසරක් වයසැති ඇයගේ මුණුපුරාගේ මුල් පියවර ගැන ඇය විනාඩි 10ක් විස්තර කළාය. “ඔහු ඇවිදිනවා!” වෙන කාට හෝ ඇසුනේ නම් අපට පිස්සු යැයි සිතනු ඇතැයි මම පසුව එය ගැන කල්පනා කළෙමි. බොහෝ අයට ඇවිදීමට පුළුවන. ඉතින් ඕක මොකක්ද?

ඉන්පසු ළදරු කාලය ගුණාත්මක විශේෂත්වයක් නිපදවන බවත් ඉතිරි ජීවිත කාලයේදී එය නැතිව යන බවත් මට වැටහිණ. අප දරුවන්ට සලකන විධිය ගැන මම සිතුවෙමි. එවිට අප උන්වහන්සේ සමඟ තබා ඇති සබඳතාව හැඳින්වීමට දෙවියන්වහන්සේ භාවිතා කරන “දරුවන්” යන වචන චිත‍්‍රය ගැන මගේ ඇගයීම වැඩි විය. අලුත් ගිවිසුම දැනුම් දෙන්නේ අප දෙවියන්වහන්සේගේ දරුවන් බවය. සුදුසු උරුමකරුවන්ගේ සියලු අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද අපට ඇත (රෝම 8:16-17). යේසුස්වහන්සේ (දෙවියන්වහන්සේගේ එ්කජාතක පුත‍්‍රයාණෝ) ආවේ දෙවියන්වහන්සේගේ පවුලට අප පුත‍්‍රයන් සහ දූවරුන් ලෙස හදාවඩා ගැනීමට ඉඩ ලබා දීමටය.

මාගේ ආත්මික “ගමනේ” අසීරුවෙන් මා ඉදිරියට තබන සැම පියවරක් දෙසම තම දරුවා ගන්නා මුල් පියවර දෙස බලා සිටින පියෙකු මෙන් දෙවියන්වහන්සේ ආශාවෙන් බලන බව මා කල්පනා කරමි. සමහර විට විශ්වයේ අභිරහස් අවසානයේ එළිදරව් වන විට දරුවන් හැදෙන ආකාරය දෙස අපගේ බලා සිටීමේ අරමුණ ගැන අප ඉගෙන ගන්නවා ඇත. උන්වහන්සේගේ අපරිමිත ප්‍රේමය පිළිබඳ දැනුවත්වීමට දෙවියන්වහන්සේ මෙම විශේෂත්වයන් තබා තිබෙනවා විය හැකිය. උන්වහන්සේගේ පේ‍්‍රමයේ පරිපූර්ණත්වය සමඟ භූමියේ අපගේ අත්දැකීම් සුළු ඡායාවක් පමණි.