මාගේ රැකියාවේ මුල් අවධියෙහි දෙවියන්වහන්සේගේ නාමය අගෞරව ලෙස භාවිතා කිරීමෙන් ඉමහත් ප‍්‍රීතියක් ලැබූ හවුල් සේවකයෙකු විය. අලුත් ඇදහිලිවන්තයින් සහ යේසුස්වහන්සේ ගැන ඔහුට කීමට උත්සාහ කළ අයව ඔහු ඉතා අකාරුණිකව විහිළුවට ලක්කළේය. එම රැකියාව අත්හැර, අලුත් රැකියාවක් සඳහා මා වෙනත් සමාජයකට ගිය විට, ඒ මිනිසා කිසිදාක යේසුස්වහන්සේගේ අනුගාමිකයෙකු නොවනු ඇතැයි මා සිතුවා මට මතකය.

ඊට වසර දෙකකට පසු වරක් මම මාගේ පැරණි රැකියා ස්ථානයට ගියෙමි. ඔහු තවමත් එහි විය. එහෙත් කිසිදිනෙක එවැනි විස්මිත වෙනසක් මම දැක නැත්තෙමි. ඇදහිල්ලට එතරම් විරුද්ධවූ පුද්ගලයා ක‍්‍රිස්තුස්වහන්සේගේ “අලුත් මැවිල්ල” ගැන කථාවෙන්ද ක‍්‍රියාවෙන්ද හොඳම උදාහරණයක් විය (1 කොරින්ති 5:17). එසේම දැන් වසර 30කට පසුව පවා “සිටි ස්ථානයේදී යේසුස්වහන්සේ ඔහුට මුණ ගැසුණ ආකාරයද ඔහුගේ පාපයද” ගැන ඔහු අන් අයට කියන්නේය.

මුල් කිතුනුවන් පාවුල්ගේ ජීවියේද ඊට සමාන දෙයක් දකින්න ඇතැයි දැන් මට සිතේ. පාවුල් ගිනිමය පීඩා කරන්නෙකු විය. අලුත් මැවිල්ලක් වීම පිළිබඳ ඔහු අනගි ආදර්ශයකි (ක‍්‍රියා 9:1-22). තමන් මිදීමට සුදුසු නැතැයි සිතන අයට මෙය කෙතරම් මනහර බලාපොරොත්තුවක්ද?

යේසුස්වහන්සේ මාවත් මගේ හවුල් සේවකයාවත් පාවුල්වත් සොයා පැමිණිසේක. අදද උන්වහන්සේ “ළංවීමට නොහැකි” යැයි අප කල්පනා කරන අයට ළංවනසේක. සෙනඟට අප ළංවන්නේ කෙසේදැයි යන්නට එය හොඳ උදාහරණයකි.