එම වර්ෂය 1780 වූ අතර ඔහු ලන්ඩනයේ පදිංචිව සිටි ප‍්‍රදේශයේ දිළිඳු නූගත් දරුවන් ගැන බරක් රොබට් රේක්ස්ට තිබිණි. එම දරුවන්ට උපකාර කිරීමට කිසිවක් සිදු නොවන බව ඔහු දුටුවේය. එහි වෙනසක් කිරීමට ඔහු ඉදිරිපත් විය.

ඔවුන්ට ඉරිදා දිනවල පාසැල් පැවැත්වීමට ඔහු කාන්තාවන් කිහිපදෙනෙකුට වැටුප් ගෙවීය. බයිබලය පෙළපොත ලෙස යොදා ගනිමින් ලන්ඩනයේ දුප්පත්ම ළමයින්ට බයිබලයේ ප‍්‍රඥාව ඉගැන්වීමට ගුරුවරියෝ ඉදිරිපත්වූහ. ඉක්මණින්ම දරුවන් 100කට වඩා මෙම පංති වලට ඇතුලත් වූහ. ආරක්ෂිත, පවිත‍්‍ර පරිසරයකදී ඔවුන්ට දවල් ආහාරය ලැබිණ. මෙම “ඉරිදා පාසැල්” කෙමෙන් පිරිමි සහ ගැහැණු දරුවන් දහස් ගණනකගේ ජීවිතවලට බලපෑම් කළේය. 1831දී මෙම “ඉරිදා පාසැල්” බි‍්‍රතාන්‍යයේ මිලියන ගණනකගේ ජීවිත වලට අත ගැසීය. ඊට හේතුව වූයේ එක මිනිසෙකු “ධර්මිෂ්ඨයා දුප්පතුන්ගේ (කාරණා සලකයි) යන සත්‍යය තේරුම්ගත් නිසාය” (හිතෝපදේශ 29:7).

අරගලයේ සිටින අය ගැන යේසුස්වහන්සේ බොහෝ සලකන බව රහසක් නොවේ. මතෙව් 25හි උන්වහන්සේ යෝජනා කරන්නේ ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්ට, දුප්පතුන්ට ආහාර සොයාගැනීමට, පිපාසිතයින්ට ජලය සොයාගැනීමට, නිවාස නැති අයට නිවාස ලබා ගැනීමට, උදව් කර ඇඳුම් නැති අයට ඇඳුම්දී රෝගින් සහ සිරගත අයට උදව්දී ක‍්‍රිස්තුස්වහන්සේගේ නැවත එ්මට සූදානම් විය යුතුය කියාය (35-36 පද).

අපගේ සිත්වල ක‍්‍රිස්තුස්වහන්සේ සිටින බවට අප සාක්ෂි දෙන විට දෙවියන්වහන්සේගේ සිතෙහි සිටින අය ගැන සලකා අනුකම්පාවෙන් පිරී අපගේ ගැළවුම්කරුවාණන්ට ගෞරව කළ හැකිය.