විවිධ අවශ්‍යතා ඇති අයට උපකාර කරන බොහෝ සමාජ සේවාවන් යැපෙන්නේ අනවශ්‍ය ඇඳුම් සහ ගෙදර දොර භාණ්ඩ ඕනෑවටත් වඩා ඇති අයගේ ආධාරවලිනි. අන් අයට ප‍්‍රයෝජනවත් වන පිණිස භාවිතා නොකරන දේවල් දීම හොඳය. එහෙත් එදිනෙදා භාවිත කරන දේවල් දීමට අපි බොහෝ විට මැළිවන්නෙමු.

පාවුල් රෝමයේ සිරගතව සිටින විට ඔහුට විශ්වාසවන්ත මනුෂ්‍යයන්ගෙන් අඛණ්ඩ ධෛර්යය සහ සහභාගිත්වය අවශ්‍ය විය. එහෙත් පිලිප්පියේ යේසුස්වහන්සේගේ
අනුගාමිකයන්ට උපකාර කරනු පිණිස තමන්ට සමීපවම සිටි මිතුරන් දෙදෙනෙකු
ඔහු එවීය (පිලිප්පි 2:19-30). “මමත්… තිමෝතියස් නොබෝ කලකින් එවන්ට ස්වාමීවූ යේසුස්වහන්සේ තුළ බලාපොරොත්තු වෙමි… නුඹලාගේ කාරණා ගැන ඔහු වාගේ සැබෑ ලෙස සලකන වෙන කෙනෙක් මට නැත” (19-20 පද). එසේම “මාගේ සහෝදරයාවූ හවුල් සේවකයෙකුවූ නුඹලාගේ පේ‍්‍රරිතයෙක්ද මාගේ වුවමනාවලට උපස්ථාන කරන්නාදවූ එපප්‍රොදිතස් නුඹලා වෙතට එවන්ට ඕනෑයැයි සිතුවෙමි” (25 පදය). පාවුල්ට ඉතාමත් අවශ්‍යවූ දේ ඔහු අනුන්ට ත්‍යාගශීලීව දුන්නේය.

අපට “ඉතා වටිනා” බව අප සිතන දේවල් අප දන්නා කෙනෙකුට අද විශාල ප‍්‍රයෝජනයක් විය හැකිය. එ් අපගේ කාලය, මිත‍්‍රකම, දිරිය, ඇහුම්කන්දීම හෝ උදව්වක් විය හැක. දෙවියන්වහන්සේ අපට දුන් දේ අන් අයට අප දෙන විට උන්වහන්සේට ගරුත්වයද අන් අයට උපකාරයද අපට ආශිර්වාදයද ලැබේ.