වැදගත් හමුවීමකට යාම පිණිස මා දුම්රියේ වාඩිවී සිටිනා අතර මේ හරි දුම්රියදැයි මම කල්පනා කළෙමි. මම එ් පාරේ මින් පෙර ගොස් නැත්තෙමි. එසේම එ් ගැන කාගෙන්වත් ඇසීමට නොහැකි විය. අවසානයේ අවිනිශ්චිතභාවය සහ සැකය ඉස්මතුවූ නිසා මම ඊළඟ දුම්රිය ස්ථානයෙන් බැස්සෙමි. එ් නිවැරදි දුම්රිය බව මම එහිදී දැනගතිමි!

එම සිද්ධිය මට මතක් කර දෙන්නේ සැකය අපගේ සමාදානය සහ ස්ථීරබව සොරා ගන්නා ආකාරයයි. කලක් මම මාගේ ගැළවීමේ සහතිකය ගැන අරගලයක යෙදුනෙමි. එහෙත් දෙවියන්වහන්සේ එම සැකය නැති කර ගැනීමට මට උපකාර කළසේක. පසුව මගේ හැරීම සහ ස්වර්ගයට යන බවට සහතිකය ගැන කථා කරන විට යමෙකු ඇසුවේ “ඔබ ගැළවීම ලබා ස්වර්ගයට යන බව ස්ථීරව දන්නේ කෙසේද?” කියාය. මම සහතික ලෙසත් යටත්කමිනුත් මට දෙවියන්වහන්සේ උපකාර කළ පදය පෙන්වීමි. “නුඹලාට මා මේ දේ ලියා එව්වේ නුඹලාට සදාකාල ජීවනය ඇති බව නුඹලා දැනගන්නා පිණිසය” (1 යොහන් 5:13).

දෙවියන්වහන්සේ අපට පොරොන්දු වන්නේ උන්වහන්සේගේ පුත‍්‍රයා වන යේසුස්වහන්සේ තුළින් අපට දැනටම සාදාතනික ජීවනය ඇති බවය. “දෙවියන්වහන්සේ අපට සාදාකාල ජීවනය දුන් බවය. එ් ජීවනයද තමන් පුත‍්‍රයාණන් තුළ තිබේ” (11 පදය). එම සහතිකය අපගේ ඇදහිල්ල මුවහත් කරයි. අප සිතින් වැටී සිටින විට අප ඔසවයි. සැක ඇති කාල වලදී අපට ධෛර්යය දෙයි.