නින්දාව ගෙනඑන ලැජ්ජා සහගත ක‍්‍රියාවක් හෝ අපරාධයක් නිසා ඔබගේ ජීවිතය විනාශවී ඇතැයි ඔබට කවදා හෝ සිතී ඇද්ද? එහෙත් අවදිවූ විට එය සිහිනයක් පමණක් බව ඔබට දැනේ. එහෙත් එය සිහිනයක් නොවේ නම්? ඔබ හෝ ඔබ පේ‍්‍රම කරන අයෙකුට එය ඇත්තක් නම්!

19 වන සියවසේ ජෝර්ජ් මැක්ඩොනල්ඞ්ගේ “පූජකයාගේ අවදිවීම” නම් නවකතාවෙහි තේමාව එයයි. එය තමන් විශ්වාස නොකරන දෙවිකෙනෙකු ගැන තමා කථා කර ඇතැයි පූජකයෙකුට පසුව වැටහෙන කථාවකි. පසු දිනක තමන් කළ මිනීමැරුමක් නිසා මනස අවුල්වී මියැදෙමින් සිටි තරුණයෙකුගේ යහන අසලට ඔහුට ආරාධනා කෙරිණ.

ඉන්පසු ඇතිවන සිත ඉරා ගෙන යන අරගලයේදී අප සියල්ලන් දැකියුතු දෙය පූජකයා දකී. නරක සිහිනයකින් නැගිට ලබන නිදහස දෙවියන්වහන්සේ දෙන්නාවූ සමාව නැමති යථාර්ථයට කිසිසේත් සමාන කළ නොහැකිය. කාලයකදී එය සත්‍යයක් වීමට හොඳ වැඩි යැයි අපි කල්පනා කළෙමු.

අපට අවශ්‍ය දයාව අප සොයන්නේ කොහෙන්ද? එය ඇත්තේ යේසුස්වහන්සේ සමඟය. තමන්වහන්සේගෙන් උපකාර ඉල්ලන කුරුසියේ මිය යන අපරාධකරුවෙකුට උන්වහන්සේ කීවේ “අදම නුඹ මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහිය” කියාය (ලූක් 23:43).