චීනයේ යූනාන් ප‍්‍රාන්තයේ කඳුවල සිටින ගැමියන්ගේ ජීවිත දුෂ්කරය. ඔවුන්ගේ ප‍්‍රධාන ආහාරය බඩ ඉරිඟු සහ බත්ය. 2012 මැයි මාසයේ දැඩි නියඟයක් නිසා බෝග වියළී ගියේය. සියල්ලෝ කණස්සල්ලට පත්වූහ. බොහෝ භූත නමස්කාර සිදුකර සෙනඟ නියඟය නතර කිරීමට උත්සාහ කළෝය. කිසිවක් සිදු නොවූ විට, මුතුන් මිත්තන්ගේ ආත්ම කෝපකළේ යයි ගමේ සිටි කිතුනුවන් පස්දෙනාට ගම්මු දොස් කීවෝය.

මෙම කිතුනුවෝ යාච්ඤාවට එකතුවූහ. වැඩි වේලාවක් යාමට පෙර අහස කළුවිය. මේඝ ගර්ජනා ඇතිවිය. විශාල වර්ෂාවක් ආරම්භවී එදින සවසද මුළු රාත‍්‍රියේද එය පැවතිණි. බෝග ආරක්ෂා විය. ගමේ බොහෝ අය දෙවියන්වහන්සේ වර්ෂාව එවූ බව විශ්වාස නොකළද සමහරු දෙවියන්වහන්සේ සහ යේසුස්වහන්සේ ගැන දැන ගැනීමට උත්සුක වූහ.

1 රාජාවලිය 17 සහ 18හි, ඉශ‍්‍රායෙලයේ සිදුවූ දැඩි නියඟයක් ගැන අපි කියවමු. එම සිදුවීම, තම සෙනඟ මත පැමිණි දෙවියන්වහන්සේගේ විනිශ්චයක් යැයි අපට කියනු ලැබේ (17:1). ඔව්හු බාල් නමස්කාරය ආරම්භ කළෝය. බාල් කානානි දෙවි කෙනෙකි. ඔවුන්ගේ බෝග වලට වාර්ෂාව එවීමට එම දෙවියාට පුළුවනැයි ඔව්හු විශ්වාස කළෝය. එවිට දෙවියන්වහන්සේ තම අනාගතවක්තෘ එලියා තුළින් පෙන්වූයේ වර්ෂාව එවීම තීරණය කරන දෙවියන්වහන්සේ උන්වහන්සේ බවය.

අපගේ පූර්ණ බලයෙන් යුක්ත දෙවියන්වහන්සේ අපගේ යාච්ඤා ඇසීමටද අපගේ අයාචනා වලට පිළිතුරු දීමටද ආශාවනසේක. උන්වහන්සේගේ කාලය සහ අරමුණු අපට සැම විටම නොතේරුනද අපගේ ජීවිතයට අවශ්‍ය හොඳම දෙයින් උන්වහන්සේ පිළිතුරු දෙනසේක.