වයස 59දී මා මිත‍්‍ර බොබ් බ්‍රෝඞ්මන් ලීවේ “අපගේ සාමාන්‍ය වයස් සීමාව වන වසය 70, පැය 24කට ලඝු කරන්නේ නම් මාගේ ජීවිතයේ දැන් මා සිටින්නේ රාත‍්‍රී 8.30හි ය” කියාය. වේලාව එතරම් ඉක්මණින් ගෙවී යන්නේය. මෙලොව අපගේ ජීවිතය සීමිත යැයි පිළිගැනීමට ඇති අසීරුතාව නිසා “ටිකර්” නැමති ඔරලෝසුව නිපදවිණ. එම අත් ඔරලෝසුවෙන් ඔබ ජීවත් වන සාමාන්‍ය ජීවිත සීමාව තක්සේකරුකර ඉතිරිව ඇති ඔබේ ජීවිතයේ කාලය පෙන්නුම් කරන්නේය. එය ප‍්‍රචාරය කරන්නේ “ඔබගේ ජීවිතය ගණනය කර සැම තත්පරයක්ම වටිනා බව පෙන්වන ඔරලෝසුව” ලෙසය.

39වන ගීතිකාවේ දාවිත් තම ජීවිතයේ කෙටි බව ගැන අරගල කරමින් කියා සිටින්නේ “ස්වාමිනි, මාගේ දිවි කෙළවරත් මාගේ දවස්වල ගණන කොපමණද කියාත් මට දැනගන්ට සැලැස්සුව මැනව, මම කොපමණ බෙලහීනයෙම්දැයි මට දැනේවා” (4 පදය). ඔහුගේ ජීවිත කාලය ඔහු විස්තර කරන්නේ වියතකට වඩා කෙටි බවය. දෙවියන්වහන්සේට එය මොහොතක් පමණි, එනම් එය හුස්ම පොදකි (5 පදය). දාවිත් අවසන් කළේ “ස්වාමිනි, මම කුමක් බලා සිටිම්ද? මාගේ බලාපොරොත්තුව ඔබ කෙරෙහිය” (7 පදය).

ඔරලෝසුව කැරකේ, උන්වහන්සේට අවශ්‍ය සෙනඟ වීම සඳහා දෙවියන්වහන්සේගේ බලය ලබා ගැනීමට කාලය දැන්ය. අපගේ සාදාකාලික දෙවියන්වහන්සේ තුළ බලාපොරොත්තුව සෙවීමෙන් අද අපගේ ජීවිතයට අර්ථයක් ලැබේ.