මා කුඩා කල මා ගින්දර සමඟ කිසිවිටෙක සෙල්ලම් නොකළ යුතු බව මාගේ මව මට අනතුරු ඇඟවූවාය. එහෙත් එසේ කළොත් කුමක් වේද කියා බැලීමට දිනක් මම තීරණය කළෙමි. පත්තර පිටු කිහිපයක් සහ ගිනි පෙට්ටියක් රැගෙන මම අපගේ නිවස පිටුපස වත්තට ගියෙමි. මගේ හෘද ස්පන්ධනය වැඩි විය. දණගසාගෙන ගිණිකූරක් ගසා පත්තර ගිනි තැබීමි.

මාගේ මව පැමිණෙනවා හදිසියේම මම දුටිමි. ඇයට අසුවීමට ඇති බිය නිසා ගිනිදළු පාදවලින් සැඟවීමට මම උත්සාහ කළෙමි. “ඩෙනී, පිච්චෙයි අයින් වෙන්න” කියා මව කෑගැසුවාය. වාසනාවකට මම ඉක්මණින් අයින් වුනෙමි. මා පිච්චුනේ නැත. ගින්දර එක්ක සෙල්ලම් කරන්න එපා යන නීතිය මව දැමුවේ මාගේ විනෝදය නැවත්වීමට නොව මා ආරක්ෂිතව තැබීමට ඇති ඇයගේ ආශාව නිසා බව මම දැනගතිමි.

සමහර විට දෙවියන්වහන්සේගේ ආඥා පසුපස ඇති හේතු අපට නොදැනේ. උන්වහන්සේ අපගේ විනෝදය නැවැත්වීමට නිීති දමා ඇතැයි අපට සිතිය හැක. උන්වහන්සේ අප ගැන සලකන නිසා දෙවියන්වහන්සේ, උන්වහන්සේට කීකරුවන්න යැයි අපට කියනසේක. අප කීකරුවේ නම් “උන්වහන්සේගේ ප්‍රේමයේ පවතිමු.” එසේම අපි ප‍්‍රීතියෙන් පූර්ණ වෙමු. (යොහන් 15:10-11).

එහෙයින් පව් නොකරන්න යැයි දෙවියන්වහන්සේ අපට අනතුරු අඟවන විට උන්වහන්සේ එය කරන්නේ අපගේ යහපතටය. “ගිනි සමඟ සෙල්ලම්” කිරීමෙන් වැලැක්වීමට අප නොපිච්චී සිටීමද උන්වහන්සේට ඇත්තෙන්ම අවශ්‍ය වේ.