මාගේ මිතුරිය මේගන් නිපුණ අශ්ව විද්‍යාඥවරියකි. අශ්වයන් ගැන මම බොහෝ වැදගත්දේ ඇයගෙන් ඉගෙන ගතිමි. භූමිය මතුපිට සිටින සියලු සතුන්ට වඩා විශාල ඇස් තිබුණද උන්ගේ පෙනීම ඉතා අඩුය. මිනිසුන්ට තරම් උන්ට වර්ණ පෙණෙන්නේ නැත. ඒ නිසා විශාල නයෙකුද නැතිනම් පොල්ලක්ද කියා නොදැක පාගා උන් හානියකට පැමිණිය හැක. එ් හේතුව නිසා උන් හරියාකාරව පුහුණු වන තුරු අශ්වයින් ඉක්මණින් බියවී ඉක්මණින් පැන දුවති.

බියගෙන දෙන සිද්ධීන් දැක පැන යාමට අපටද අවශ්‍යවේ. තම කරදර වරදවා තේරුම් ගත් යෝබ් මෙන් අප ජීවත් වන්නේ නැතිනම් හොඳ යැයි අප සිතිය හැකිය. තමාව කඩා දමන්න උත්සාහ කරන්නේ සාතන් යැයි ඔහුට නොපෙණුන බැවින් ඔහු සිතුවේ තමන් විශ්වාස කරන ස්වාමීන්වහන්සේ ඔහු විනාශ කිරීමට උත්සාහ කරන බවය. දරාගැනීමට නොහැකිවී ඔහු මොර ගැසුවේ “දෙවියන්වහන්සේ (මට වැරදි කර) තමන් දැල මා වටකර හෙළා තිබෙන බව දැනගන්න” යනුවෙනි (යෝබ් 19:6).

යෝබ්ගේ දැක්ම මෙන් අපගේ දැක්මද සීමා සහිතය. අප බියකරන අසීරු තත්ත්වයන්ගෙන් පැනදිවීමට අපට අවශ්‍යවේ. දෙවියන්වහන්සේගේ දෘෂ්ඨිකෝණයෙන් බලන විට අප තනිවී නැත. අප ව්‍යාකූල කරන සහ බිය කරන දේවල් උන්වහන්සේට තේරේ. උන්වහන්සේ අසල සිටින නිසා අප ආරක්ෂිත බව දෙවියන්වහන්සේ දන්නාසේක. අපගේ දැක්ම නොව උන්වහන්සේ අප තේරුම් ගන්නා බව විශ්වාස කිරීමට අපගේ අවස්ථාව මෙයයි.