සංගීත ඛණ්ඩයකින් ස්පර්ශකරනු ලැබූ එක් එක්කෙනා එය අසන්නේ වෙනස් ආකාරයකටය. ගීත රචකයාට තම සිත් කුටියේදී එය ඇසේ, අසන්නෝ එය තම හැඟීම් අනුව ඇහුම්කන් දෙති. සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ට තමන් අසලම ඇති සංගීත උපකරණ වල හඬ වඩා පැහැදිලිව ඇසේ.

එක් අතකින් අපි දෙවියන්වහන්සේගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ වෙමු. අපට බොහෝ විට ඇසෙන්නේ අප අසල තිබෙන සංගීතය පමණි. අපට සමතුලිත ගීතය නොඇසෙන බැවින් අපිද වේදනා විිඳින විට මොරගැසූ යෝබ් මෙන් වෙමු. “දැන් වනාහි මම ඔවුන්ගේ ගීතිකාව වී සිටිමි” (යෝබ් 39:9). උත්තමයින්ද අධිපතීන්ද ඔහුට ගරුකළ අයුරු යෝබ් මතක් කරයි. “එකල මාගේ පියවර ගිතෙලින් සෝදාගතිමි. පර්වතයෙන්ද තෙල් ගංගා මා වෙත ගලා ආවේය” (29:6). එහෙත් දැන් ඔහු අපහාස කරන්නන්ගේ විහිළුවට ලක්වී සිටියේය. “මාගේ වීණාව වැලපීමට… මාරුවී තිබේ” (යෝබ් 30:31). එහෙත් එම සංගීත සංදර්ශනයට ඊට වඩා බොහෝ දේ තිබිණ. යෝබ්ට මුළු ගීතය නොඇසුණේය.

සමහර විට අද ඔබට ඇසෙන්නේ ඔබගේ වීණාවේ දුක් සංගීතය පමණක් විය හැක. සිතෙන් නොවැටෙන්න, ඔබගේ ජීවිතයේ සැම විස්තරයක්ම දෙවියන්වහන්සේගේ සංගීත කණ්ඩවල ඇත. නැතිනම් ඔබ දැනට අසන්නේ ප‍්‍රීතියේ නළාහඬ විය හැකිය. දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරන්න එම ප‍්‍රීතිය තව කෙනෙකු සමඟ බෙදාගන්න.

අප වාදනය කරන ගී තනුව, මිදීම නැමති දෙවියන්වහන්සේගේ අතිවිශිෂ්ඨ සංගීත කණ්ඩයයි. අවසානයේදී උන්වහන්සේගේ යහපත් අරමුණු සඳහා සියල්ල එකට ක‍්‍රියා කරනු ඇත. අප ජීවිත වල රචකයාණෝ උන්වහන්සේය. උන්වහන්සේගේ ගීය පරිපූර්ණය. උන්වහන්සේ මත විශ්වාසය තැබීමට අපට පුළුවන.