සෞඛ්‍ය ගැටළු බැරෑරුම් වීමට ප‍්‍රථම දොස්තරවරු ශාරීරික පරීක්ෂණයක් නිර්දේශ කරති. අපගේ ආත්මික සෞඛ්‍යය ගැනද අපට එවැනි දෙයක් කළ හැකිය. එ් යේසුස්වහන්සේ පැවසූ එ් මහා ආඥාවේ පදනම්ව ඇති ප‍්‍රශ්න කිහිපයක් ඇසීමෙනි (මාර්ක් 12:30).

“උන්වහන්සේ මට පළමුවෙන් පේ‍්‍රමකළනිසා, මාගේ මුළු සිතින් මම දෙවියන්වහන්සේට පේ‍්‍රම කරන්නේද? වඩා බලවත් කුමක්ද? ලෞකික දේවලට මාගේ ආශාවද? නැතිනම් ක‍්‍රිස්තුස්වහන්සේ නිසා මට ලැබෙන වස්තුවද? (කොලොස්සි 3:1). උන්වහන්සේගේ සමාදානය, අපගේ සිත් පාලනය කිරීම, උන්වහන්සේගේ කැමැත්තයි.

“මගේ මුළු ආත්මයෙන් මම දෙවියන්වහන්සේට ප්‍රේම කරනවාද?” මා කවුදැයි දෙවියන්වහන්සේ පවසන දේට මා ඇහුම්කන් දෙනවාද? මා වඩා කේන්ද්‍රීයවී ඇති ආශාවලින් ඉවත්වී තිබේද? (5 පදය). මම වඩා සානුකම්පිත, දයාවන්ත, යටහත්, මෘදු හා ඉවසිලිවන්ත කෙනෙක් වෙමිද? (12 පදය).

මා, මාගේ මුළු බුද්ධියෙන් දෙවියන්වහන්සේට ප්‍රේමකරනවාද? මා උන්වහන්සේගේ පුත‍්‍රයා සමඟ තබා ඇති සම්බන්ධතාව ගැන අවධානය යොමු කරනවාද නැතිනම් මාගේ සිතට යෑමට අවශ්‍ය තැන්වලට යන්නට ඉඩ දෙනවාද? (2 පදය). මාගේ සිතුවිලි, ගැටළුව දෙස බලනවාද විසඳුම් දෙස බලනවාද? එක්සත්කමද බෙදීමද? පාප සමාවද පළිගැනීමද? (13 පදය).

මම මුළු ශක්තියෙන් දෙවියන්වහන්සේට ප්‍රේමකරනවාද? දෙවියන්වහන්සේගේ ශක්තිය ඉදිරියට ඇවිත් මා දුර්වල ලෙස පෙනෙනවාට මම කැමතිද? (17 පදය). උන්වහන්සේගේ ආත්මය තුළින් ශක්තිමත් වීමට මම උන්වහන්සේගේ අනුග‍්‍රහයේ යැපෙනවාද? “ක‍්‍රිස්තුස් වහන්සේගේ වචනයට (අප) තුළ සියලු ප‍්‍රඥාවෙන් සමෘද්ධව”(16 පදය) වාසය කිරීමට අප ඉඩ දෙන විට සහ උන්වහන්සේට ප‍්‍රයෝජනවත් වන විට, අන්අය දිරිමත් කිරීමට උන්වහන්සේ අප සන්නද්ධ කරනසේක.