මිනිසෙකු සෑම දෙයක් ගැනම නොකඩවා කරදර විය. දිනක් ඔහු උරුවම් බාමින් නිදහසේ සිටිනවා ඔහුගේ මිතුරෝ දුටුවෝය. “මොකද වුනේ?” ඔහුගේ මිතුරෝ පුදුමයෙන් ඇසුවෝය. “මාගේ ප‍්‍රශ්න ගැන කණස්සලු වීමට මම මිනිසෙකුට ගෙවනවා” ඔහු කීවේය. “කීයක්ද එයාට ගෙවන්නේ?” “සතියකට ඩොලර් දෙදහසක්” ඔහු උත්තර දුන්නේය. “ෂහ්! ඔයාට කොහෙන්ද එච්චර සල්ලි?” “මංගාව නැහැ! එ්ත් ඒකත් එයාගේ ප‍්‍රශ්නයක්.”

පීඩන නවත්වන මෙම හාස්‍යජනක ක‍්‍රමය සැබෑ ජීවිතයේ හරියන්නේ නැත. එහෙත් අපට එසේ නොසිතෙන විටදී පවා, මනහර ලෙස කරදර සියල්ල තම පාලනයේ තබා සිටින කෙනෙකුට දේව දරුවන් ලෙස අපගේ කරදර භාරදිය හැක. තාරකා පිටතට පමුණුවා එ්වාට නම් කියා හඬ ගසන්නේ දෙවියන්වහන්සේ බව අනාගතවක්තෘ යෙසායා අපට මතක් කර දෙන්නේය (40:25-26). “උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද” (26 පදය) ඉන් එකක් වත් නැති නොවේ. දෙවියන්වහන්සේ තාරකා නමින් දන්නා ලෙස අපව පුද්ගලිකව සහ තනි තනි ලෙස ද දන්නාසේක. අප එකිනෙකා උන්වහන්සේගේ ආරක්ෂාව යටතේ සිටී (27 පදය).

අප කණස්සල්ලට බර නම්, එම කණස්සල්ල දෙවියන්වහන්සේට භාර දීමට අපට පුළුවන. අපට අවධානය යොමු කිරීමට බැරි තරමට උන්වහන්සේ ක්ලාන්තව හෝ වෙහෙසවී නැත. උන්වහන්සේට සියලු බලය සහ ප‍්‍රඥාව තිබේ. උන්වහන්සේ එය අප වෙනුවෙන් භාවිතා කිරීමට ආශාවෙන් සිටිනසේක. තාරකා වලට මඟපෙන්වන දෙවියන්වහන්සේ අප වටා තම පේ‍්‍රමණීය හස්තයන් තබා ගෙන සිටිනසේක.