1915 ජනවාරි මාසයේදී “එන්ඩියොරන්ස්” නැමති නැව ඇන්ටාර්ටිකා වෙරළේ අයිස් මත හැපීකැඞී බිඳී සිරවිය. එර්නස්ට් ෂැකල්ටන්ගේ නායකත්වයෙන් පැමිණි ද්‍රව නිරීක්ෂක කණ්ඩායම කුඩා ජීවිතාරක්ෂක බෝට්ටු 3කින් එලිෆන්ට් දූපතට ළඟා වූහ. මෙම කුඩා දූපතේ සාමාන්‍ය නැව් මාර්ගවලින් ඈත්ව කිසිම මිනිස් වාසයක් නැතිව සිරවී සිටින මිනිසුන් 22කට එක් බලාපොරොත්තුවක් තිබිණි. ඒ ෂැකල්ටන් ගැනය. 1916 අපේ‍්‍රල් 24 වැනි දින ෂැකල්ටන් සහ පිරිස කුඩා බෝට්ටු වලින් සැතපුම් 800ක් දුර පිහිටි දකුණු ජෝර්ණියා දූපතට පිටත්ව යනු මිනිසුන් බලා සිටියෝය. ඔවුන් අපොහොසත් වුවහොත් අනිවාර්යයෙන් මරණය හිමිවනු ඇත. බලාපොරොත්තුවක් නැති තරම්ය. මාස 4කට පසු ක්ෂිතිජයේ බෝට්ටුවක් පෙනෙන විට කෙතරම් ප‍්‍රීතියක්ද! “නුඹලා හොඳින්ද?” ෂැකල්ටන් බෝට්ටුවේ සිට කෑගැසුවේය. “සියල්ල සුරක්ෂිතයි! සියල්ල යහපත්!” පිළිතුර පැමිණියේය.

එම මාස කිහිපය එම මනුෂ්‍යයින් එකට තැබුවේ කුමක්ද? එක් මනුෂ්‍යයෙකු කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය සහ බලාපොරොත්තුවය. ඔවුන් ගලවා ගැනීමට මාර්ගයක් ෂැකල්ටන් සොයාගනීවි යැයි ඔව්හු විශ්වාස කළෝය.

මෙම ඇදහිල්ල සහ බලාපොරොත්තුව පිළිබඳ මනුෂ්‍ය උදාහරණය හෙබ්‍රෙව් 11හි සඳහන් වීරයන්ගේ ඇදහිල්ල පිළිබඳ මතකය දෝංකාර දෙයි. “බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකය, නොදක්නා දේවල් ගැන ඔප්පුව” ගැන ඔවුන්ගේ ඇදහිල්ල විශාල අසීරුතා සහ සෝදිසි තුළින් ඔවුන් ගෙන ගියේය (හෙබ්‍රෙව් 11:1).

අපගේ ගැටළු නැමති ක්ෂිතිජයට එහා අපි බලන විට අපගේ බලාපොරොත්තු කඩ නොවේවා! අපගේ ඇදහිල්ලේ ස්ථීරකම නිසා එක් මිනිසෙකු – යේසුස්වහන්සේ – එනම් අපගේ දෙවියන්වහන්සේ සහ ගැළවුම්කරුවාණන් මත අපගේ බලාපොරොත්තුව තිබේවා!