විදුලි කම්බි නිවැරදිව ඇද නොතිබීම නිසා අපගේ අලුත් ගෙය ගිනි ගත්තේය. පැයකින් නිවස බිමට සමතලා විය. ඉතිරිවූයේ අළු පමණි. තවත් දිනක අප සභාවේ සිට එන විට, නිවසට හොරු පැන භාණ්ඩ රැගෙන ගොස් තිබිණි.

අපගේ අසම්පූර්ණ ලෝකයේ වස්තුව නැතිවීම සමාන්‍ය දෙයකි. වාහන සොරකම් වේ. සමහර විට අනතුරට ලක්වේ. නැව් ගිලෙයි. ගොඩනැගිලි කඩා වැටෙයි, නිවාස ජලයෙන් යටවේ, පුද්ගලික භාණ්ඩ සොරු ගනිති. ලෞකික වස්තුව මත විශ්වාස නොකරන්න යන යේසුස්වහන්සේගේ අවවාදය එහෙයින් අපට ඉතා අර්ථවත්ය (මතෙව් 6:19).

අධික ලෙස වස්තුව රැුස්කර තමාට ඒවා රැස්කර තබා ගැනීමට උත්සාහ කළ මිනිසෙකු ගැන යේසුස්වහන්සේ කථාවක් කීසේක (ලූක් 12:16-21). “පහසු ගෙන කාබී ප‍්‍රීතියෙන් සිටින්නැයි” ඔහු තමාටම කියා ගත්තේය (19 පදය). එහෙත් එදින රාත‍්‍රියේ ඔහුට සියල්ල නැතිවිය. ඔහුගේ ජීවිතයද ඔහුට අහිමි විය. යේසුස්වහන්සේ එය අවසන් කළේ “දෙවියන්වහන්සේ කෙරෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස්කරගන්නා අය එයාකාරය” කියමිනි (21 පදය).

ද්‍රව්‍යමය ධනය තාවකාලිකය. අන් අය උදෙසා යමක් කිරීමට දෙවියන්වහන්සේ අපට හැකියාව දෙන දෙයක් හැර කිසිවක් සදාකාලයට නොපවතී. ශුභාරංචිය පැතිරවීමට අපගේ කාලය සහ මූලාශ‍්‍ර යෙදීම, තනිව සිටින අය බැලීමට යාම, අවශ්‍යතාවෙන් සිටින අයට උපකාර කිරීම යනාදිය ස්වර්ගයේ වස්තු රැස්කිරීමේ ක‍්‍රමවලින් කිහිපයකි (මතෙව් 6:20).