මා සමඟ මසුන් අල්ලන මිතුරෙකු ඉඩාහෝහි ජග්ගැන්ඩල් කඳුකරයේ උතුරේ ඇති ඇල්පයින් වැවක් ගැන කීවේය. විශාල බලයන් එහි සිටින බවට කටකථා තිබිණ. මාගේ මිතුරා කොළයක් සහ පැන්සලක් ගෙන එම ස්ථානය මට ඇඳ පෙන්වීය. සති කිහිපයකට පසු මම මාගේ වාහනයට තෙල් ගසාගෙන එහි යාමට පිටත් වුනෙමි.

ඔහුගේ සිතියම මා කිසිදිනක වාහන පදවා නැති නරකම වර්ගයේ පාරකට මා යොමු කළේය. එය කොට ඇදගෙන යන පාරකි. එය වනය මැදින් ඩෝසර් යොදා සාදා තිබූ අතර කිසි දිනෙක රෝද ලකුණු සමතලා කර නොතිබිණි. පස්, ලී කොට, ගැඹුරු අගල් සහ විශාල ගල් මාගේ කොන්ද අඹරා ට‍්‍රක් රථයේ යට කොටස් ඇදකර දැමීය. මාගේ ගමනාන්තයට යාමට මට දවස් බාගයක්ම ගියේය. අවසානයේදී එහි පැමිණි විට “මිතුරෙකු මෙවැනි පාරක් පෙන්වූයේ මොන එකකටද?”යි මම මාගෙන්ම අසාගතිමි.

එහෙත් වැව සැබැවින්ම තේජවන්ත විය, මාළුවන් විශාල විය. මාගේ මිතුරා මට පෙන්වා තිබුණේ හරි පාරය. අවසාන දර්ශනය දන්නේ නම් මමද එය තෝරාගෙන ඉවසීමෙන් දරා සිටීමට ඉඩ තිබිණි.

විශ්වාසවන්ත කියමනක් ඇත. “ස්වාමීන්ගේ ගිවිසුමද ශික්ෂාද රකිනවුන්ට උන්වහන්සේගේ සියලු මාවත් කරුණාව සහ සැබෑකමද වෙති” (ගීතාවලිය 25:10). අපට දෙවියන්වහන්සේ තබා ඇති සමහර මාර්ග රළුය, කර්කශය, අනිත්වා වෙහෙසකරය, නීරසය. එහෙත් එ් සියල්ල උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරී තිබේ. අපගේ ගමනාන්තයට අප පැමිණි විට එදිනට දැනගන්නා දේ දන්නා විට “දෙවියන්වහන්සේගේ මාර්ගය මට යහපත්ම මාර්ගයය” යනුවෙන් මා කියනු ඇත.