ලන්ඩනයෙහි ඇති වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට පොහොසත් ඓතිහාසික පසුබිමක් තිබේ. 10වැනි සියවසේදී බෙනඩික්ටානු පූජකයන් දෛනික නමස්කාරයක් ආරම්භ කළෝය. එය අදද එහි පවතී. එම දේවස්ථානය බොහෝ ප‍්‍රසිද්ධ අයගේ සොහොනද වී තිබේ. ක‍්‍රි.ව.1066 සිට අද දක්වා සෑම ඉංග‍්‍රීසි රජ කෙනෙකුගේම ඔටුනු පැළඳවීම එහි සිදුවේ. එසේම ඔවුන්ගෙන් 17 දෙනෙකු තැන්පත් කර ඇත්තේද එහිය. ඔවුන්ගේ රජ්‍යය පාලනය, ආරම්භවූ තැනින් කෙළවර වන්නේය.

ඔවුන්ගේ අවමංගල්‍ය උත්සවය කෙතරම් උත්කර්ෂවත් වුවද, සියලු ලෝක නායකයෝ නැගී අවුත් බැස යති. ඔව්හු ජීවත්ව මිය යති. එහෙත් තවත් රජ කෙනෙකු වන යේසුස්වහන්සේ වරක් මිය ගියද තව දුරටත් සොහොනේ නොසිටිනසේක. උන්වහන්සේගේ පළමු ඊමේදී යේසුස්වහන්සේට කටු ඔටුන්නක් පළඳවා “යුදෙව්වන්ගේ රජු” (යොහන් 19:3,19) ලෙස කුරුසිපත් කෙරුණි. යේසුස්වහන්සේ මළවුන්ගෙන් ජයග‍්‍රාහීව නැගිටි නිසා ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් වන අපට සොහොනට එහා යන්නාවූ බලාපොරොත්තුවක්ද සහතිකයක්ද ඇත. එ් උන්වහන්සේ සමඟ සදාකාලයට ජීවත් වීමටය. “නැවත නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත් වන්නේය. ජීවත්ව සිටින කවුරු නමුත් මා කෙරෙහි අදහාගන්නේද ඔහු කිසිකලත් නොනසින්නේය (11:25-26).

අප සේවය කරන්නේ නැවත උත්ථානවූ රජ කෙනෙකුටය. දැන් අපි සතුටින් උන්වහන්සේගේ පාලනයට භාරවෙමු. “සර්වපරාක‍්‍රම වූ අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සදාකාලයට රජවන දවස ගැන අපි බලා සිටිමු.