අපගේ දියණිය 15වන වියේදී ගෙදරින් පැන ගියාය. සති තුනක් පමණ ඇය අපට හමු නොවීය. එ් අපගේ ජීවිතයේ දීර්ඝතම සති කිහිපය විය. අපි ඇයව සැම තැනම සෙව්වෙමු. නීතියෙන් සහ මිතුරන්ගෙන් සහය පැතීමු. එ් ඉතා දුෂ්කර දින වලදී දෙවියන්වහන්සේ කෙරෙහි යාච්ඤාවෙන් සිටීමේ වැදගත්කම අපි ඉගෙන ගතිමු. අපි අපගේ ශක්තියේ කෙළවරට පැමිණ සිටියෙමු. දෙවියන්වහන්සේ කෙරෙහි යැපීමට අපට සිදුවිය.

අපට ඇය මුණගැසුනේ පියවරුන්ගේ දිනයේදීය. අප, වාහනය නවතා තබා රාත‍්‍රී කෑමට යමින් සිටියදී දුරකථනය නාද විය. අපගේ දියණිය අපට සමීප ස්ථානයක සිටිනවා වෙනත් ආපන ශාලාවක සේවිකාවක දැක තිබිණි. ඉක්මණින් අප ඇයව ආරක්ෂිතව අප නිවසට ගෙන ගියෙමු.

අප යාච්ඤා කරන විට දෙවියන්වහන්සේ වෙත බලා සිටීමට අපට සිදුවේ. උන්වහන්සේ කෙසේ කොයිවේලාවේ පිළිතුරු දෙයිද කියා අපි නොදනිමු. එහෙත් සැම විට අපගේ සිත් උන්වහන්සේ ඉදිරියේ වැගිරවීමට අපට හැකිය. සමහර විට අප බලාපොරොත්තු වන විට අපට පිළිතුරු නොපැමිණේ. කාරණා නරකින් නරකට යා හැකිය. එහෙත් අපි අල්ලාගෙන සිටිය යුතුවේ. විශ්වාසය අත්නෑර, අඛණ්ඩව ඉල්ලිය යුතුවේ.

බලා සිටීම, කිසි දිනෙක පහසු නැත. එහෙත් අවසන් ප‍්‍රතිඵලය කුමක් වුවත් එය වටින්නේය. දාවිත් ඒ ගැන මෙසේ කියයි: “ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාස කරන්නහුය. මක්නිසාද ස්වාමිනී ඔබ සොයන්නන් ඔබ අත්නෑරියසේක” (ගීතාවලිය 9:10). අඛණ්ඩව සොයා, විශ්වාසකර, ඉල්ලන්න, යාච්ඤා කරන්න.