විශ‍්‍රාම ගොස් සිටින භෞතික විද්‍යාඥ ආරි වැන්ට් රියට් අසාමාන්‍ය ලෙසකින් චිත‍්‍ර සකසන්නේය. ඔහු ශාඛ සහ මියගිය සතුන් විවිධ ක‍්‍රම වලට තබන්නේය. ඉන්පසු එ්වායේ එක්ස්-රේ ඡයාරූප ගන්නේය. ඔහු ඒවා පරිගණක ගත කර චිත‍්‍රයට නගාගෙන චිත‍්‍රවල සමහර කොටස් වලට වර්ණ යොදන්නේය. ඔහුගේ චිත‍්‍ර කලාව මල්, මසුන්, කුරුල්ලන්, උරගයන් සහ වඳුරන්ගේ අභ්‍යන්තර සංකීර්ණතා මනා ලෙස අනාවරණය කරන්නේය.

යමක අභ්‍යන්තර දැක්ම බොහෝ විට පිටස්තර පෙනුමට වඩා ආකර්ෂණිය සහ වැදගත් වේ. පළමු දැක්මෙන් එලියාබ්හට ඉශ‍්‍රායෙලයේ රජවිය හැකියැයි සාමුවෙල් සිතුවේය (1 සාමුවෙල් 16:6). එහෙත් එලියාබ්ගේ භෞතික පෙනුම නොබලන ලෙස දෙවියන්වහන්සේ සාමුවෙල්ට අනතුරු ඇඟවීය. උන්වහන්සේ සාමුවෙල්ට කීවේ “මනුෂ්‍යතෙමේ පිටාතර පෙනුම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේක” කියාය (7 පදය). ඉශ‍්‍රායෙලයේ ඊළඟ රජු වීම පිණිස දෙවියන්වහන්සේ එලියාබ් වෙනුවට දාවිත් තෝරා ගත්සේක.

දෙවියන්වහන්සේ අප දෙස බලන විට අපගේ උසට වඩා අපගේ සිතත්, අපගේ මුහුණට වඩා අපගේ ආත්මයේ තත්ත්වය ගැනත් බලනසේක. උන්වහන්සේ වයස වැඩි, තරුණවැඩි, කුඩාවැඩි, නැතිනම් විශාල වැඩි යනාදිය ලෙස අප දෙස නොබලනසේක. උන්වහන්සේ සියල්ල වැදගත් දේවලට ලඝුකර සලකනසේක. ඒ උන්වහන්සේගේ ප්‍රේමයට අප දක්වන ප‍්‍රතිචාරය සහ අන් අය කෙරෙහි අපගේ සැලකිල්ලය (මතෙව් 22:37-39). 2 ලේකම් 6:30 කියන්නේ දෙවියන්වහන්සේ පමණක් මිනිස් සිත දන්නා බවය. අපට මෙතරම් දේ කර ඇති දෙවියන්වහන්සේ අප දෙස බලන විට උන්වහන්සේ දකින්නේ කුමක්ද?