“මනුෂ්‍යයාගේ අවසන් අරමුණ විය යුත්තේ දෙවියන්වහන්සේට මහිමයදී, උන්වහන්සේ සදාකාලයට භුක්තිවිඳීමය” වෙස්මිනිස්ටර් ඇදහිල්ලේ ප‍්‍රකාශය එසේ කියයි. දේව වචනයෙන් වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රීතිමත් කෘතඥතාවය සහ ජීවමාන දෙවියන්වහන්සේ ඇගයීම ගැන පවසයි. අප දෙවියන්වහන්සේට ගරුකරන විට සියලු යහපත ගලන මූලාශ‍්‍රය ලෙස අප උන්වහන්සේ සමරමු.

අපගේ සිතින් අප දෙවියන්වහන්සේ පසසන විට අප මවා ඇති ප‍්‍රීතිමත් තත්ත්වයට අප පැමිණ ඇති බව අපට දැනේ. අලංකාර හිරුබැසීමක් හෝ සමාදාන තණ නිල්ලක් මැවුම්කරුවාණන්ගේ තේජෝමහිමයට අත දිගුකරන්නාසේ, නමස්කාරය අප උන්වහන්සේ සමඟ සමීප එක්සත්කමකට ගෙන එයි. “ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ ප‍්‍රශංසනීයය… උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන්ට ළංව සිටිනසේක” (ගීතාවලිය 145:3,18). දෙවියන්වහන්සේට අපගේ ප‍්‍රශංසාව අවශ්‍ය නැත. එහෙත් අප උන්වහන්සේට ප‍්‍රශංසා කළ යුතුවේ. උන්වහන්සේගේ අභිමුඛයෙන් අප නැහැවෙන විට උන්වහන්සේගේ අපරිමිත ප්‍රේමයෙන් ප‍්‍රීතිය අපි බොන්නෙමු. එසේම අප මුදා නැවත ගොඩනැගීමට පැමිණි තැනන්වහන්සේ තුළ සංතෝෂ වන්නෙමු. “ඔබ අභිමුඛයෙහි ප‍්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සාදාකාලේට සැපත ඇත්තේය” (ගීතාවලිය 16:11).