අපගේ ජීවිතයේ කරදර නැති කාලයක් එන්නේ ඉඳහිටය. එහෙත් සමහර කාලවලදී පහරදීම බියකරුය. 1994දී රුවන්ඩා සමූලඝාතනයේදී රොස්ගේ දියණියන් දෙදෙනා හැර අනික් සියලු දෙනා මරනු ලැබීය. දැන් ඇය බොහෝ වැන්දඹුවන් අතර එක් වැන්දඹුවකි. ඇයට ඇත්තේ මුදල් ස්වල්පයක් පමණි. ඇය පරාජයවීම ප‍්‍රතික්ෂේප කළාය. ඇය අනාථ දරුවන් දෙදෙනෙකු හදාගනී. ඇය තම පවුලේ පස් දෙනාගේ ආහාර සහ දරුවන්ගේ පාසැල් වියදම් පිළිබඳව දෙවියන්වහන්සේගේ සැපයීම බලාපොරොත්තු වන්නීය. ඇය කිතුනු ලියවිලි දේශීය භාෂාවලට පරිවර්තනය කරයි. එසේම අනිත් වැන්දඹුවන් වෙනුවෙන් වාර්ෂික සම්මේලනයක් ද සංවිධානය කරයි. ඇයගේ කථාව මට පවසද්දී රෝස් ඇඬුවාය. එහෙත් ඇයගේ සැම කරදරයකටම එක් ප‍්‍රතිකර්මයක් ඇත. “මේ වෙනුවෙන් මට යේසුස්වහන්සේ සිටිනවා” ඇය කියයි.

ඔබ කුමන කාරණයකට මුහුණ දෙන්නේ දැයි දෙවියන්වහන්සේ පැහැදිලිව දන්නාසේක. යෙසායා අපට මතක් කර දෙන්නේ අප ගැන දෙවියන්වහන්සේගේ දැනුම ඉතා පැහැදිලි බවය. එ් එ්වා උන්වහන්සේගේ අල්ලේ කොටාගෙන ඇත්තාක් මෙනි (යෙසායා 49:16). අප සමහර විට අන් අයගේ අවශ්‍යතා නොසලකනවා වියහැකිය. සමහර විට එ් අපට ඉතා සමීපව සිටින අයටය. එහෙත් දෙවියන්වහන්සේ අප ජීවිතයේ සෑම කුඩා දෙයක්ම දන්නාසේක. එසේම අපට මඟ පෙන්වීමටද සහනය දීමටද ශක්තිමත් කිරීමටද උන්වහන්සේ තමන්වහන්සේගේ ආත්මය දෙනසේක.

ඔබට මේ මොහොතේ ඇති අභියෝග ගැන කල්පනා කරන්න. එසේම උන්වහන්සේගේ විශ්වාසවන්තකම සහ සැලකිල්ල ගැන මතක් කර ගැනීම පිණිස මේ වචන ඒ අසලින් ලියන්න. “මේ වෙනුවෙන් මට යේසුස්වහන්සේ සිටිනසේක.”