අප සභාවෙන් පිටත වාර්ෂිකව කරන සේවය අවසන් කළේ නගර මධ්‍යයෙහි විශාල රැස්වීමකිනි. එය සංවිධානය කොට මෙහෙයවූ කණ්ඩායම එනම් යෞවන ගීතිකා කණ්ඩායම, අනුශාසකයන් සහ සභා නායකයන් වේදිකාවට නගින විට අප ප‍්‍රීතිමත්වී, අත්පුඩි ගැසුවෙමු. ඔවුන්ගේ මහන්සිය දැඩිව අගය කළෙමු.

ඉන් එක් පුද්ගලයෙකු පෙනුනේ යාන්තමටය. එහෙත් කණ්ඩායමේ නායකයා ඔහුය. දින කිහිපයකට පසු මට ඔහු මුණගැසුන විට ඔහුට ස්තූති කර සතුට ප‍්‍රකාශ කොට “වැඩසටහන වේලාවේ ඔබව වැඩිය පෙනුනේ නැහැ!” කියා කීමි.

“මම පසුබිමේ සිට වැඩ කරන්න කැමතියි” ඔහු කීවේය. තමාට නම්බුනාම ගැනීමට ඔහු උනන්දු නොවීය. එය වැඩ කළ අයට පැසසුම් ලැබීමේ කාලය විය.

ඔහුගේ නිසල හැසිරීම මට සම්පූර්ණ දේශනාවක් විය. ස්වාමීන්ට මෙහෙකිරීමේදී කැපී පෙනීම සෙවීමට අවශ්‍ය නැතැයි එය මට මතක් කිරීමක් විය. අන් අය මා විවෘතව අගය කළද නොකළද දෙවියන්වහන්සේට ගරුත්වය දීමට මට හැකිය. සුදුසු ඊර්ෂ්‍යාවන් හෝ අයහපත් තරඟය පවා යටපත් කිරීමට ක‍්‍රිස්තුස්වහන්සේ පළමුව තැබීමේ ආකල්පයට හැකිය. යේසුස්වහන්සේ “සියල්ලට වඩා උතුම්ය” (යොහන් 3:31). “උන්වහන්සේ වර්ධනය වෙන්ටත් මා අඩු වෙන්ටත් ඕනෑය” (30 පදය). එම ආකල්පය අපට ඇති විට අප දෙවියන්වහන්සේගේ සේවයේ වර්ධනය සොයනු ඇත. අප කරන සියල්ලේ අවධානය විය යුත්තේ අප නොව ක‍්‍රිස්තුස්වහන්සේය.