අන්තර්ජාලයේ ඇති සඟරා කියවීමට මම දැන් පුරුදුවී සිටිමි. ඉන් ශාක බේරාගැනීමට හැකිවීම ගැන මම සතුටුවෙමි. තැපෑලෙන් සඟරා එනතුරු බලා සිටීමටද දැන් සිදු නොවේ. එහෙත් මුද්‍රිත පිටපත නැතිකම පාඩුවකි. එම පිටුමත අඟිලි තුඩු එහා මෙහා යැවීමට මම ආශා කරමි. එසේම සූපශාස්ත‍්‍ර ලිපි කපා එකතු කිරීමටද මම කැමැත්තෙමි.

මාගේ අන්තර්ජාලයේ බයිබල් පිටපතද තිබේ. එහෙත් තවමත් මා අශා කරන මුද්‍රණ පිටපතක්ද මට තිබේ. එහි බොහෝ ඉරිගසා තිබේ. එය බොහෝ වර කියවා ඇත්තෙමි. මුද්‍රිත සඟරා කෙතරම් කාලයක් තිබේදැයි අපි නොදනිමු. එහෙත් එක් දෙයක් අපි දනිමු. දෙවියන්වහන්සේගේ වචනයට හොඳම ස්ථානය අපගේ ජංගම දුරකථන, ඉලෙක්ට්‍රොනික උපකරණ හෝ ඇඳ අසල ඇති මේසය නොවේ.

ගීතාවලිය 119හි දේව වචනය සිත්වල නිධාන කර ගැනීම ගැන අපි කියවමු. “ඔබගේ වචනය මාගේ සිතෙහි නිධාන කර ගතිමි” (11 පදය). දෙවියන්වහන්සේගේ වචනය නැවත නැවත බැලීම උන්වහන්සේ ගැන වඩ වඩා ඉගෙනීම, අපගේ දෛනික ජීවිත වලදී එය ප‍්‍රායෝගිකව භාවිතා කිරීම යනාදිය වෙන කිසිවක් සමඟ සංසන්දනය කළ නොහැක. උන්වහන්සේගේ වචනය තැබීමට හොඳම ස්ථානය අපගේ ආත්ම ගැඹුරෙහි තිබේ.

නොකියවීමට, මෙනෙහි නොකිරීමට හෝ කටපාඩම් නොකිරීමට හේතු බොහෝමයක් අපට තිබිය හැක. එහෙත් දේව වචනය අපට අවශ්‍යවේ. හොඳම ස්ථානයේ වචනය ගබඩා කර තැබීමට අපට දෙවියන්වහන්සේ උපකාර කරනසේක්වා කියා මම යාච්ඤා කරමි. එනම් අපගේ හදවතෙහිය.