අද දවස මා ඉතා දුක්ඛිතම වචන ඇසුවාවූ දිනයකි. වෙනස් මතවාදයන් දැරූ ඇදහිලිවන්තයින් දෙදෙනකු දෙබසක යෙදී සිටියෝය. වියපත් පුද්ගලයා තමා ගැන තෘප්තිමත්ව සිටි අයෙකු බව පෙනින. ඔහු දේව වචනය කඩුවක් ලෙස එහේ මහේ වැනීය. අනිත් තැනැත්තාගේ ජීවිතයේ වැරදි යැයි සිතූදේ කපාකොටා දැමීය. තරුණ පුද්ගලයා දේශනයෙන් සහ අනිත් පුද්ගලයාගෙන් වෙහෙසට පත්ව සිටියේය. ඔහු අධෛර්යයව සිටියේය.

දෙබස අවසානයට පැමිණෙන විට අනෙකාගේ උදාසීන බව ගැන වයසක පුද්ගලයා යමක් කීවේය. “ඉස්සර උඹ උනන්දුවෙන් හිටියා. උඹට මොනවද ඕනේ කියලා මං දන්නේ නැහැ.” “මට ප්‍රේම කිරීමට තිබූ අවස්ථාව ඔබ මඟහැරගත්තා” තරුණ පුද්ගලයා කීවේය. “මා ඔබව දන්න මුළු කාලය පුරා ඔබ කළේ මගේ වැරදි හොයන එක විතරයි. මට ඕන මොනවාද? මට ඕනෑ ඔබ තුළත් ඔබ තුළිනුත් යේසුස්වහන්සේ දැකීමටයි.”

මා ගැන මෙය කීවේ නම් මම කැබලි වලට කැඞී යන්න තිබිණ. ආදරය කළ යුතු සෙනඟට ආදරය කිරීම මාද පැහැර හැරිය බව මට ශුද්ධාත්මයාණෝ එවේලේම අනාවරණය කළසේක. එසේම මා තුළ යේසුස්වහන්සේ නුදුටු, පුද්ගලයන්ද සිටින බව මම දනිමි.

අප කරන සෑම දෙයකම සහ ඕනෑම දෙයක යටින් තිබිය යුතු පෙළඹවීම, පේ‍්‍රමය බව පාවුල් අපොස්තුළුවරයා පවසයි (1 කොරින්ති 13:1-4). පේ‍්‍රමය පෙන්වීමට ලැබෙන ඊළඟ අවස්ථාව පැහැර නොහරිමු.