2011, සැප්තැම්බර් මාසයේදී මධ්‍යම ටේක්සාස්හි ඔස්ට්‍රොප් නගරය සහ අවට නිවාස 600ක් බුර බුරා පැතිරුණු ලැව්ගින්නකින් විනාශ විය. සති කිහිපයකට පසු ඔස්ටින් ඇමරිකන්ස්ටේට්ස්මන් නැමති ප‍්‍රවෘත්ති පත‍්‍රයේ එක් මාතෘකාවක් “බොහෝදේ අහිමිවූ අය, නැති නොවූ දේ ගැන අවධානය යොමුකරයි” යනුවෙන් පළවිය. ප‍්‍රවෘත්තියේ පළවූයේ සෙනඟගේ ත්‍යාගශීලීත්වයත්, උපකාරත් ලැබූවන් තමන්ට නැතිවූ දේවලට වඩා, අසල්වාසීන්, මිතුරන් සහ සමාජය වටිනා බව තේරුම් ගැනීමත් සම්බන්ධවය.

හෙබ්‍රෙව් කර්තෘ පළමු සියවසේ යේසුස්වහන්සේගේ අනුගාමිකයන් හට මතක්කර දුන්නේ ඔවුන්ගේ ඇදහිල්ලේ ජීවිතයේ මුල් කාලයේ ඔවුන් පීඩාවට නිර්භයව මුහුණ දුන් ආකාරයයි. අපහාස සහ පීඩා මධ්‍යයෙහි ඔව්හු සෘජුව සිටියෝය. අන් ඇදහිලිවන්තයින් සමඟ කරට කර සිටගත්තෝය (හෙබ්‍රෙව් 10:32-33). “හිරකාරයන්ව සිටින්නන්ට නුඹලා අනුකම්පාව දැක්වූවා පමණක් නොව වඩා උතුම්වූ පවතින්නාවූ වස්තුවක් නුඹලාට ඇති බව දැනගෙන නුඹලාගේ දේපල කොල්ලකෑම ප‍්‍රීතියෙන් ඉවසුවහුය” (34 පදය). ඔවුන්ගේ අවධානය යොමුවූයේ ඔවුන්ට නැතිවූ දේවල් කෙරෙහි නොව ඔවුන් ගෙන් නැවත ගත නොහැකිවූ සදාතනික දේවල් කෙරෙහිය.

යේසුස්වහන්සේ තම අනුගාමිකයන්හට කීවේ “නුඹේ වස්තුව යම්තැනකද නුඹේ සිතත් එතැන්හිම වන්නේය” යනුවෙනි. අප ස්වාමීන්වහන්සේ සහ උන්වහන්සේ තුළ අපට ඇති සියල්ල කෙරෙහි ඇස් යොමු කරන විට අපගේ වටිනාම වස්තුව පවා නොවටිනා බවක් අපට දැනේ.