කුඩා දැරියක කාලයේ දිනක් මම දෙමව්පියන් සමඟ මාගේ මිත්තණියගේ නිවසට ගියෙමි. ඇය ජීවත්වූයේ ගොවිපොළක් අසලය. ඇයගේ වත්ත විදුලි වැටකින් ආවරණය කර තිබිණි. එය තිබුණේ හරකුන් ඇතුල්වීම වැලැක්වීමටය. පිටත සෙල්ලම් කිරීමට මා අවසර පැතූ විට මගේ දෙමව්පියෝ අවසර දුන්හ. එහෙත් විදුලි වැට ඇල්ලුවොත් විදුලිසැර වදින බව ඔව්හු අනතුරු ඇෙඟව්වෝය.

අවාසනාවකට මා ඔවුන්ගේ අවවාද පිළිනොගෙන වැටට අත තැබීමි. හරකෙකුට පාඩමක් ඉගැන්විය හැකි විදුලි සැරයක් මට වැදිණි. මාගේ දෙමව්පියන් මට අනතුරු ඇඟව්වේ මට ප්‍රේමකරන නිසාත්, මට තුවාලවනවාට අකමැති නිසාත් බව මම දැනගතිමි.

පුරාණ ඉශ‍්‍රායෙල්වරුන් යෙරුසලෙමේදී රූප අඹමින් එ්වාට නමස්කාර කරනවා දෙවියන්වහන්සේ දුටු විට “ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟට… අනුකම්පා කළ නිසා උන්වහන්සේ… ඔවුන්ට” (2 ලේකම් 36:15) යෙරෙමියා අනාගතවක්තෘ තුළින් කථාකළ නමුත් සෙනඟ කීවේ “අප එකිනෙකා අපේ නපුරු සිත්වල මුරණ්ඩුකම ලෙස කරන්නෙමු” කියාය. මේ නිසා යෙරුසලම විනාශකර එහි සිටි බොහෝ වැසියන් අල්ලා ගැනීමට දෙවියන්වහන්සේ නෙබුකද්නෙශර්ට ඉඩහැරියසේක.

අද ඔබගේ ජීවිතයේ යම් පාපයක් ගැන දෙවියන්වහන්සේ අනතුරු අඟවනවා විය හැකිය. එසේ නම් දිරිමත් වන්න. එ් ඔබට උන්වහන්සේ ආදරේ බවට සහතිකයකි (හෙබ්‍රෙව් 12:5-6). ඉදිරියෙහි ඇතිදේ උන්වහන්සේ දකිනසේක. එන්නාවූ ගැටළු අප මඟහැරීම උන්වහන්සේගේ කැමැත්තය.