දරුණු කුණාටුවක් ගැන අපි මාර්ක් ශුභාරංචියේ කියවන්නෙමු. ගලීල මුහුද හරහා යන බෝට්ටුවක ගෝලයෝ යේසුස්වහන්සේ සමඟ සිටියෝය. “කුරිරු කුණාටුවක් ආ විට” අත්දැකීම් තිබුණාවූ සමහර ගෝලයෝ පවා තම ජීවිත ගැන බිය වූහ (4:37-38). දෙවියන්වහන්සේ අප දෙස නොබලන සේක්ද? අපව යේසුස්වහන්සේ තෝරා ගත්තා නොවේද? උන්වහන්සේට අප සමීපව සිටිනවා නොවේද? “‘එගොඩ යමු යැයි’ කීවේ උන්වහන්සේ නේද?” (35 පදය) එසේ නම් මෙවැනි දරුණු ප‍්‍රශ්නයක් තුළින් අප ගමන් කරන්නේ ඇයි?

ජීවිත කුණාටු වලින් තොරව කිසිවෙකුට ඉදිරියට යා නොහැකිය. එහෙත් කුණාටුවට මුලින් බියවූ ගෝලයන් පසුව ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි වැඩි ගෞරවයක් දැක්වූවාසේ අපිද දෙවියන්වහන්සේ පිළිබඳ වඩා ගැඹුරු අවබෝධයකට පැමිණෙමු. “සුළඟ සහ මුහුද පවා මුන්වහන්සේට කීකරුවීමට මුන්වහන්සේ කවරෙක්ද?” (41 පදය). දෙවියන්වහන්සේගේ කැමැත්ත නතර කර දැමීමට හැකි කිසිම කුණාටුවක් නැති බව අපි අපට එන සෝදිසිවලින් ඉගෙන ගනිමු (5:1).

සෝදිසි වලට අපගේ ජීවිත වලට පැමිණීමට ඉඩ දෙන්නේ ඇයි කියා අපට නොතේරුණද එ්වා තුළින් උන්වහන්සේ කව්ද කියා දැනගැනීමට හැකිවන නිසා අපි උන්වහන්සේට ස්තූති කරමු. උන්වහන්සේ අපගේ ජීවිත ආරක්ෂා කළ නිසා උන්වහන්සේට සේවය කිරීම පිණිස අපි ජීවත්වෙමු.