අපගේ උළුවහු නැවත සැකසීමට කාලය පැමිණියේය. එ්වා සූරා වැලි කඩදාසි අල්ලා, තීන්ත ගෑම සඳහා ෆිලර්ද ගෑවෙමි. ප‍්‍රථම ආලේපනය ගා වටිනා තීන්තද අලේප කළ පසුව උළුවහු හොඳ පෙනීමක් දුන්නේය. එහෙත් එ්වා අලුත් ලෙස පෙනෙන්නේ නැත. උළුවහු අලුත් කිරීමට කළ හැකි එකම දෙය අලුත් ලී වලින් අලුත් උළුවහු සෑදීමය.

අව්වට වැස්සට හසුවී හානිවුවත් අපගේ ඇසට හොඳ ලෙස පෙනේ නම් උළුවහු එතරම් ගැටළුවක් නැත. එහෙත් පාපයෙන් පළුදුවූ අපගේ හදවත් අලුත් වැඩියා කිරීමට උත්සාහ කිරීම ප‍්‍රමාණවත් නැත. දෙවියන්වහන්සේගේ දැක්ම අනුව සියල්ල අලුත් වීම අපට අවශ්‍යය (2 කොරින්ති 5:17).

යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් ලැබෙන ගැළවීමේ ඇති අලංකාරය එයවේ. අපගේ පාපයට පූජාවක් ලෙස උන්වහන්සේ කුරුසියේ දිවි පිදූසේක. ඉන්පසු මරණින් නැගිට පාපය සහ මරණය කෙරෙහි උන්වහන්සේගේ බලය පෙන්වූසේක. එහි ප‍්‍රතිඵලයක් ලෙස දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි ක‍්‍රිස්තුස්වහන්සේගේ ක‍්‍රියාව අප “අලුත් මැවිල්ලක් කරන්නේය” (2 කොරින්ති 5:17). පැරණි ජීවිතය වෙනුවට “අලුත් ජීවිතයක්” උන්වහන්සේ දෙනසේක (ක‍්‍රියා 5:20). යේසුස්වහන්සේ සහ උන්වහන්සේ අප වෙනුවෙන් කළ ක‍්‍රියාව තුළින් බැලීමෙන් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල තබා ඇති අය අලුත් සහ නොකැලැල් ලෙස අප ස්වර්ගීය පියාණන්ට පෙනේ.

පාපය විශාල විනාශයන් කර ඇත. එය අපට අලුත් වැඩියා කළ නොහැක. යේසුස්වහන්සේ අපගේ ගැළවුම්කරුවාණන් වශයෙන් අප විශ්වාස කළ යුතුවේ. අපට අලුත්ම ජීවිතයක් දීමට උන්වහන්සේට ඉඩ දිය යුතුවේ.