ඩේවිඩ් මුලර් කරාමය කැරකුවේය. නළය දිගේ පැමිණි ජලය නිල් භාජනයට එකතු විය. ඔහු අවට සිටි සෙනඟ අත්පුඩි ගැසුවෝය. පළමුවරට තම ග‍්‍රාමයට පිරිසිඳු නැවුම් ජලය ගලා ඒම ඔව්හු සැමරුවෝය. මෙම පවිත‍්‍ර ජල මූලාශ‍්‍රය කෙන්යාවේ මෙම සෙනඟගේ ජීවිත වෙනස් කිරීමට පටන්ගෙන තිබිණි.

ඩේව් සහ ඔහුගේ භාර්යාව වන ජෝයි සෙනඟට ජලය ගෙන ඒම පිණිස විශාල මහන්සියක් දැරුවෝය. ඔවුන් H2O වලින් නවතින්නේ නැත. ඔව්හු සෙනඟට පවිත‍්‍ර ජලය ගෙන එන අතර යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ ගැනද පවසන්නෝය.

වසර දෙදහකට පෙර යේසුස් නම් මිනිසෙකු සමාරියාවේ ළිඳක් අසල සිටියේය. තම භෞතික සුවයට අවශ්‍ය පවිත‍්‍ර ජලය ලබා ගැනීමට පැමිණි ස්ත‍්‍රියක් සමඟ යේසුස්වහන්සේ කථා කළසේක. යේසුස්වහන්සේ ඇයට කීවේ ඇයට වඩාත් අවශ්‍ය වන්නේ ආත්මික සුවයට අවශ්‍ය ජලය බවය.

ඉතිහාසය ඉදිරියට ගොස්ය. මනුෂ්‍ය වර්ගයා දැන් වඩා සංකීර්ණවී සිටී. තවමත් ජීවිතය සත්‍යයන් දෙකකට ලඝුවේ. පවිත‍්‍ර ජලය නොමැති නම් අපි මියයන්නෙමු. වඩා වැදගත් වන්නේ ජීවන ජල මූලාශ‍්‍රය වන යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ නොමැතිව අපි අපගේ පාපවල දැනටම මියගොස් සිටීම වේ.

අපගේ යහපැවත්මට ජලය අත්‍යාවශ්‍යවේ. ඒ භෞතිකව H2O ලෙසද ආත්මිකව යේසුස්වහන්සේවද වේ. ගැළවුම්කරුවාණන් වන යේසුස්වහන්සේ දෙන ජලයෙන් ඔබ පානය කර තිබෙනවාද?