මාගේ මිණිපිරියගේ ස්වාමිපුරුෂයා මෑතකදී මෙම වචන අන්තර්ජාලයේ ප‍්‍රවෘත්ති අඩවියකට ලිවීය. “පසුපසින් සිට මට මුමුණන මෙම සිහින් හඬ නොමැති නම් මම මීට වඩා දේ අන්තර්ජාලයට ලියන්නෙමි. මා යේසුස්වහන්සේගේ අනුගාමිකයෙකු නිසා එම සිහින් හඬ ශුද්ධාත්මයාණන්ගේ යැයි ඔබ සිතනු ඇත. නමුත් එසේ නොවේ. එ් මාගේ භාර්යාව වන හෙයිඩිය.”

සිනහවක් සමඟ නිසල සිතිවිල්ලක්ද පැමිණේ. ප‍්‍රවේසම් වන්න කියා මිතුරෙකු කියන වචන දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව විය හැකිය. දේශනාකාරයා 9 පවසන්නේ “නිශ්චලකමෙන් කියන ප‍්‍රඥාවන්තයාගේ වචන අසනු ලැබේ” කියාය (17 පදය).

ප‍්‍රඥාවන්තය කියා අප සිතා නොගත යුතු බවත්, උඩඟු නොවිය යුතු බවත් බයිබලය පවසයි (හිතෝපදේශ 3:7; යෙසායා 5:21; රෝම 12:16). වෙනත් වචන වලින් කියන්නේ නම් අප සියලු පිළිතුරු දන්නේ යැයි අප සිතිය යුතු නැත. හිතෝපදේශ පවසන්නේ “නුඹේ මතුකාලයෙහි නුඹ ප‍්‍රඥාවන්තව සිටින පිණිස මන්ත‍්‍රණය අසා ගුරුකම පිළිගන්න” කියාය. උන්වහන්සේගේ ප‍්‍රඥාව ගැන වැඩිපුර ඉගැන්වීම සඳහා මිතුරෙකු, කාලත‍්‍රයෙකු, සභාපාලකවරයෙකු හෝ හවුල් සේවකයෙකු භාවිත කිරීමට දෙවියන්වහන්සේට පුළුවන.

හිතෝපදේශ (14:33) ප‍්‍රකාශ කරන්නේ “නුවණ ඇත්තාගේ සිතෙහි ප‍්‍රඥාව පවතී” යනුවෙනි. ආත්මයාණන්ගේ ප‍්‍රඥාව හඳුනා ගැනීමේ එක් කොටසක් නම් අන් අයට ඇහුම්කන්දීමට ඉගෙනීම සහ එකිනෙකාගෙන් ඉගෙනීමයි.