2014දී කැලිෆොර්නියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු සතුන්ටද ඊර්ෂ්‍යාව ඇතැයි පෙන්වීමට පුළුන් පුරවන ලද බල්ලෙකු භාවිතා කළේය. මහාචාර්ය ක‍්‍රිස්ටීන් හැරිස් බල්ලන්ගේ අයිතිකරුවන්ට කියා සිටියේ ඔවුන්ගේ බල්ලන් ඉදිරියෙහි පුළුන් පුරවන ලද බල්ලෙකුට ආදරය පෙන්වන ලෙසය. බල්ලන්ගෙන් 4න් 3ක්ම ප‍්‍රතිචාර දැක්වූයේ කැපී පෙනෙන ඊර්ෂ්‍යාවකිනි. අනිත් බල්ලෝ අයිතිකරුට ගෑවී අවධානය ගැනීමට උත්සාහ කළෝය. තවත් බල්ලන් අයිතිකරු සහ සෙල්ලම් භාණ්ඩය අතරට රිංගා ගැනීමට උත්සාහ කළෝය. සමහර සුනඛයෝ තම විරුද්ධ කාරයා සපා කෑමට උත්සාහ කළෝය.

බල්ලෙකු තුළ ඇති ඊර්ෂ්‍යාව සිත උණු කරයි. එහෙත් සෙනඟ තුළ එය එතරම් හොඳ නැත. මෝසෙස් මෙන් පාවුල්ද අපට මතක් කළේ වෙනත් ආකාරයේ ඊර්ෂ්‍යාවක් ඇත කියාය. දෙවියන්වහන්සේගේ සිත ඉන් අලංකාර ලෙස ප‍්‍රකාශ කෙරේ.

කොරින්තියේ සභාවට පාවුල් ලියා යවන්නේ “දිව්‍යමය වූ ජ්වලිතයකින් නුඹලා ගැන මම ජ්වලිතව සිටිමි” යනුවෙනි (2 කොරින්ති 11:2). ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිඳු කමෙන්ද ඔවුන් වෙන්වෙනවාට දෙවියන්වහන්සේ කැමති නුවූසේක (3 පදය). එවැනි ඊර්ෂ්‍යාවක් දෙවියන්වහන්සේගේ හදවත නිරූපණය කරයි. දසපනතේදී මෝසෙස්ට දෙවියන්වහන්සේ “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ.. දෙවිකෙනෙක්ය” කියා තිබේ (නික්මයාම 20:5-6).

දෙවියන්වහන්සේගේ ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමී ප්‍රේමයක් නොවේ. මැවිල්ලෙන් සහ ගැළවීමෙන් උන්වහන්සේට අයිති අය ගැන උන්වහන්සේගේ හදවත සුරක්ෂිත බවක් පෙන්නුම් කරයි. උන්වහන්සේ අප මවා එසේම ගළවා තිබෙන්නේ සදාකාලයට උන්වහන්සේ භුක්ති විඳිනු පිණිසය. අපගේ පී‍්‍රතිය වෙනුවෙන් එතරම් ජ්වලතිව සහ උනන්දුව සිටින දෙවි කෙනෙකුට වඩා අපට ඉල්ලිය හැක්කේ තව මොනවාද?