ඇමරිකානු පැසිපන්දු ක‍්‍රීඩකයෙක්ව සිටි ඩේවිඩ් වුඩ් “ටෝග‍්‍රස් ඩි බැස්කෝනියා” පිළට ක‍්‍රීඩා කරන අතර ස්පාඤ්ඤ පැසිපන්දු අවසන් තරඟයේ මම ද ඔහු සමඟ සිටියෙමි. ඔහු ගීතාවලිය 144:1 කියවීය. “යුද්ධයට මාගේ අත්ද සටනට මාගේ ඇඟිලිද පුරදු කරන්නාවූ මාගේ පර්වතය වූ ස්වාමීන්ට ප‍්‍රශංසාවේවා!” ඔහු මා වෙතට හැරී “මේ පදය දෙවියන්වහන්සේ මටම ලීවා වගේ, උන්වහන්සේ පන්දු අල්ලන්ටත් නැවත විසි කරන්නත් මාගේ අත් පුරුදු කරනවා” ඩේවිඩ්ට පැසිපන්දු ක‍්‍රීඩා කිරීමට කැඳවීම තිබිණ. අප ඉන්නා විධියට උන්වහන්සේ අප කැඳවන බවද අපට කැඳවීම ලැබෙන දෙයට උන්වහන්සේ හැකියාව දෙන බවද ඔහු ඉගෙන ගෙන තිබිණි.

අපට දීමට යමක් නැති නිසා දෙවියන්වහන්සේට අප වැඩක් නැතැයි කියා අපව පහත් කර ගැනීමට අපට පුළුවන. දෙවියන්වහන්සේ මෝසෙස්ට පෙනී මිසරවරුන්ගෙන් ඔවුන් ගලවන්නේ යැයි ඉශ‍්‍රායෙල්වරුන්ට පැවසීමේ වගකීම ඔහුට පැවරූ විට, (නික්මයාම 3:16-17) මෝසෙස් සිතුවේ තමා ඊට සුදුසු නැති බවය. ඔහු ස්වාමීන්වහන්සේට කීවේ “මීට ප‍්‍රථමවත්… පසුවවත් මම ව්‍යක්ත නොවෙමි. කථාවට අදක්ෂවූ අදක්ෂ දිවක් ඇත්තාවූ කෙනෙක්මි” කියාය (4:10). සමහර විට මෝසෙස්ට කථාවේ යම් කිසි ගැටළුවක් තිබෙන්නට ඇත. නැතිනම් ඔහු බියවූවා වියහැකිය. එහෙත් ඔහුගේ නොහැකියාව දෙවියන්වහන්සේ උන්වහන්සේගේ හැකියාවෙන් පිරවූසේක. දෙවියන්වහන්සේ කීවේ “එබැවින් දැන් යව, මම නුඹේ මුඛය සමඟ සිට නුඹ විසින් කිය යුතුදේ නුඹට උගන්වන්නෙමි” කියාය (12 පදය).

දෙවියන්වහන්සේ අපගෙන් බලාපොරෙත්තුවන්නේ උන්වහන්සේගේ සැලසුම් අනුගමනය කිරීම පමණි. උන්වහන්සේ අනිත් සියල්ල බලා ගන්නාසේක. උන්වහන්සේගේ බලවත් හස්තය තුළ අන් අයට ආශිර්වාදයක් වීමට ඔබට පුළුවන.