මා කුඩා කාලයේ සෙනඟ වැඩියෙන්ම බියවූ රෝගය වූයේ පෝලියෝය. එයට “ළදරු අංශභාගය” කියාද කියන ලදී. ඊට හේතුව අසාදනයට පත් බොහෝ අය ළදරුවන් වීමය. 1950 ගණන් වල වැළැක්වීමේ එන්නතක් සොයාගැනීමට පෙර 20,000ක් පමණ අංශභාගයෙන් පෙළුණෝය. ඇමරිකාවේ වසරකට 1000ක් පමණ මිය ගියෝය.

පුරාණ කාලයේ අංශභාගය දෙස බලන ලද්දේ බලාපොරොත්තුවක් නැති, සුව නොවන රෝගයක් ලෙසය. එහෙත් එක් කණ්ඩායමක් කල්පනා කළේ තමන්ගේ මිතුරාට උදව් කිරීමට යේසුස්වහන්සේට හැකි බවයි. කපර්නවුම් නැමති ග‍්‍රාමයේ යේසුස්වහන්සේ උගන්වමින් සිටින විට මිනිසුන් 4දෙනෙකු තම මිතුරා උසුලාගෙන උන්වහන්සේ වෙත ආවෝය. සෙනඟ නිසා ඔවුන්ට යේසුස්වහන්සේට ළංවීමට නොහැකි වූ විට “සෙවිල්ල හැර පියස්ස කඩා අංශභාග රෝගියා ඔත් යහන බැස්සෙවුවෝය” (මාර්ක් 2:1-4).

“යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: පුත‍්‍රය, නුඹේ පව් කමාකරන ලදැයි අංශභාග රෝගියාට කියා ඉන්පසු ‘නැගිට නුඹේ යහන රැගෙන යන්න’යැයි පවසන සේක” (11 පදය). කෙතරම් මනහරද. ඒ පුද්ගලයා ගෙනා මිනිසුන්ගේ අදහිල්ලට ප‍්‍රතිචාරයක් ලෙස යේසුස්වහන්සේ ඔහුගේ පාප වලට සමාවදී, සුව නොවන රෝගයක් සුව කළසේක.

අප දන්නා අයෙකු ශාරීරික හෝ ආත්මික ගැටළුවකට මුහුණ දෙන විට යාච්ඤාවෙන් එකතුවීම සහ අපගේ මිතුරන් යේසුස්වහන්සේ වෙත ගෙන ඒම අපගේ වරප‍්‍රසාදයකි. අපගේ ගැඹුරු අවශ්‍යතා ඉටුකළ හැකි එකම තැනන්වහන්සේ උන්වහන්සේය.