මිචිගන්හි හුරොන් සමුද්‍රයේ, සැගිනෙව් බෝක්කේ ඇති විශාලම දිවයින පේ‍්‍රමයේ දූපතයි. වසර ගණනාවක් මෙම දූපත නැව් ගමන් වලට ප‍්‍රදීපාගාරයක් සහ සුරක්ෂිත වරායක් ලෙස ක‍්‍රියාත්මක විය. එම දූපතට නම ලැබුණේ එය එහි තිබෙන්නේ දෙවියන්වහන්සේගේ පේ‍්‍රමයෙන් බව නැවියෝ විශ්වාස කළ හෙයිනි.

සමහර විට ජීවිතයේද කරදරකාරී අවස්ථා නැමති සාගර තුළින් අපට යෑමට සිදුවේ. එම නාවිකයන්ට මෙන් අපට මඟ පෙන්වීමේ සහ රැකවරණයේ ස්ථානයක් අවශ්‍යවේ. අපටම ප්‍රේමයේ දූපතක් ප‍්‍රාර්ථනා කිරීමට අපට පුළුවන. කුණාටු සහිත සාගරයන්ට නිසලතාව ගෙනැවිත් ආරක්ෂිත වරායන් වෙත අප ගෙන යාමට හැක්කේ දෙවියන්වහන්සේට බව ගීතිකාකරු තේරුම් ගත්තේය. ඔහු ලීවේ “උන්වහන්සේ මුහුදේ රැළ නිශ්චල වන ලෙස කුණාටුව සන්සිඳවනසේක. එවිට නිශ්චලවූ බැවින් ඔව්හු සන්තෝෂවෙති. උන්වහන්සේද රිසිවූ වරායට ඔවුන් පමුණුවනසේක” කියාය (ගීතාවලිය 107:29-30).

කිසිවෙක් ජීවිත කුණාටුවලට එන්න කියා ආරාධනා නොකළද දෙවියන්වහන්සේ දෙන්නාවූ මඟපෙන්වීම සහ රැකවරණය පිළිබඳ අපගේ ඇගයීම ඉන් වැඩිවිය හැකිය. අපට මඟපෙන්වීම දීමට උන්වහන්සේ, තමන්වහන්සේගේ ආත්මය සහ වචනය දෙනසේක. අප ආශා කරන්නේ උන්වහන්සේගේ පේ‍්‍රමයේ, සුරක්ෂිත වරායයි. අපගේ “ප්‍රේමයේ දූපත” විය හැක්කේ උන්වහන්සේම පමණි.