ෂාවෝ යින්ග්, චීනයේ යුනාන් ප‍්‍රාන්තයේ දුෂ්කර ගමක ජීවත්වේ. සෞඛ්‍ය ගැටළු නිසා ඇයගේ ස්වාමිපුරුෂයාට කුඹුරු වැඩ කිරීමට නොහැකි විය. එහෙයින් ඔවුන්ගේ පවුලේ ආර්ථික ගැටළු ඇති විය. ඇයගේ නැන්දම්මා දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඇයගේ ඇදහිල්ලට බාධා පමුණුවයි. නැන්දම්මා ෂාවෝ යින්ග්ට පළමු ආගමට යන්නැයි කරදර කළාය.

එහෙත් ෂාවෝ යින්ග්ගේ ස්වාමිපුරුෂයා ඇයගේ ජීවිත වෙනස්වීම දැක ඇති නිසා ඔහු “ෂාවෝ යින්ග් විතරක් දෙවියන්වහන්සේ විශ්වාස කරලා මදි! අපි ඔක්කොම විශ්වාස කරන්න ඕනේ” කියා පැවසුවේය. ඔහුගේ භාර්යාවගේ කැපී පෙනෙන වෙනස නිසා යේසුස්වහන්සේගේ ශුභාරංචිය ගැන ඔහු දැන් සලකා බලන්නේය.

අපගේ කථාව දෙස බැලීමට ප‍්‍රථම සෙනඟ අපගේ ගමන දෙස බලනු ඇත. හොඳම සාක්ෂිය පරාවර්තනය වන්නේ හොඳම හැසිරීම සමඟ යන නිශ්චිත වචන තුළිනි. ක‍්‍රිස්තුස්වහන්සේ අප ජීවිත වල කරන වෙනස පෙන්නුම් කරනේ එලෙසය. අපට විරුද්ධ ලෝකයකට යේසුස්වහන්සේ හඳුන්වා දීමට හැකි වන පිණිස පේතෘස් අපොස්තුළුවරයා දුන්නාවූ උපදේශය මෙයයි. 1 පේතෘස් 3:13හි ඔහු තම පාඨකයන්හට අභියෝග කරන්නේ “යහපත් දෙය ගැන ජ්වලිතව” ක‍්‍රිස්තුස්වහන්සේට කීකරුව, යහපත් හෘද සාක්ෂියක් ඇතුව, එවැනි බලාපොරොත්තුවක් අපට ඇත්තේ ඇයි කියා අන් අයට විස්තර කිරීමට සූදානම්ව සිටින ලෙසය (15 පදය). අප එසේ කරන්නේ නම් අපගේ විශ්වාසය නිසා සෙනඟ අපට අපහාස කර පීඩා කරන විට, බය වීමට අපට හේතුවක් නැත. අපගේ තත්ත්වය කුමක් වුවද අප සිටින තැන සිට යේසුස්වහන්සේ වෙනුවෙන් අප බැබළෙමු. අප සමඟ එකඟ නොවන අය වෙත ළඟා වීමට අවශ්‍ය අනුග‍්‍රහය සැපයීමට උන්වහන්සේට පුළුවන.