2013 අගෝස්තුවේ පෙන්සිල්වේනියාවේ පිටස්බර්ග්හි පිප්ස් සංරක්ෂිතයට විශාල සෙනඟ ක් රැස්වූයේ මළමිනී මල ලෙස හැඳින්වෙන ඝර්ම කලාපීය මල පිපෙනවා බැලීමටය. එය ඉන්දුනීසියාවට ආවේනික මලක් නිසාද පිපෙන්නේ වසර කිහිපයකට වරක් පමණක් නිසාද එ්වායේ පිපීම ඉතා මනරහ දර්ශනයකි. විවර වූ විට කූරු සහිත අලංකාර විශාල රතු මල කුණු මස් දුඟදක් වහනය කරයි. එම දුර්ගන්ධය නිසා මලට කුණු මස් සොයා යන මැස්සන් සහ කුරුමිණියන් ආකර්ෂණය වේ. එහෙත් එහි පැණි නැත.

එම මළමිනී මල මෙන් පාපයද බොහෝ දේ පෙරොන්දු වන නමුත් අවසානයේ කිසිවක් දෙන්නේ නැත. ආදම් සහ එ්ව අමාරු මාර්ගයෙන් එය දැන ගත්තෝය. එ්දන් උයන අලංකාරව තිබිණ. එහෙත් දෙවියන්වහන්සේ එපා කියූ එකම දෙය කර ඔව්හු එය විනාශ කළෝය. දෙවියන්වහන්සේගේ යහපත්කම සැක කිරීමට පරීක්ෂාවක් ඇතිවී මැවුම්කරුවාණන්ගේ ප්‍රේමණීය අනතුරු ඇඟවීම නොසැලකුවෝය. ඉක්මණින් ඔවුන්ගේ අහිංසක බව නැතිකර ගත්තෝය. යහපත සහ නපුර දැනගැනීමේ ගස ඔවුන්ට මළමිනී මලක් මෙන් විය. ඔවුන්ගේ අකීකරුකමේ ප‍්‍රතිඵලය වූයේ වෙන්වීම, වේදනාව, හිස්කම, වෙහෙස සහ මරණයයි.

පාපය ආකර්ෂණීය ය. එය හොඳ යැයි අපට සිතිය හැකිය. එහෙත් එය දෙවියන්වහන්සේ විශ්වාස කර කීකරුවීමෙන් ලැබෙන අලංකාරය සහ සුවඳට සන්සන්දනය කළ නොහැක. උන්වහන්සේගේ ජීවිතය සහ ප‍්‍රීතිය බොදගැනීම සඳහා අප මවා ඇත්තේ දෙවියන්වහන්සේ විසින්ය.