නපුරු ශබ්දයක් දුරින් ඇසෙන්න පටන් ගත්තේය. ඉන්පසු එය පොළොව දෙදරන බියකරු හඬක් බවට පත්විය. ඉක්මණින්ම සිය ගණන් යුධ ටැංකි සහ පාබල හමුදාවේ දහස් ගණන් පෙනෙන්ට පටන් ගත්තේය. ෆින්ලන්තයේ සිටි සොල්දාදුවන්ට වඩා කිහිප ගුණයකින් විරුද්ධවාදියෝ වැඩිවූහ. මිනීමරු තර්ජන ඉදිරියෙහි එක් ෆින්ලන්ත ජාතිකයෙක් ශබ්ද නගා පැවසුවේ “මේ ඔක්කෝම වළලන්නේ කොහේද?” කියාය.

ෆින්ලන්ත ජාතිකයින් දෙවන ලෝක යුද්ධයේදී එවැනි ධෛර්යයක් පෙන්වීමට වසර 2600කට ප‍්‍රථම, යුදයේ පුරවැසියෝ තමන්ට දරාගැනීමට නොහැකි තත්ත්වයකට මුහුණ දුන්නේ වෙනත් විධියකටය. යෙරුසලම් පවුරු තුළ සෙනඟ සිරවී සිටියෝය. අෂුර් හමුදාව ඔවුන් වටකරගෙන සිටි බැවින් ඉශ‍්‍රායෙල්වරු සාගින්නට මුහුණ දුන්හ. හෙසකියා බලාපොරාත්තු කඩවීමට ලක්විය. එහෙත් ඔහු යාච්ඤා කළේ “කෙරුබ්රවැන් අතරේ වැඩවසන ඉශ‍්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්ස, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ පමණක්ම දෙවියන්වහන්සේය” (යෙසයා 37:16).

අෂුර්හි රජුවූ සෙනාකෙරිබ්හට දෙවියන්වහන්සේ දැඩි වචන වලින් කථාවක් කළසේක. “නුඹ නින්දාකළෙත් අපහාස කළෙත් කාටද? නුඹ හඬ නැගුවේ, උඩඟුවෙන් නුඹේ ඇස් එසෙව්වේ කාට විරුද්ධවද? ඉශ‍්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධවය” (23 පදය). ඉන්පසු දෙවියන්වහන්සේ යෙරුසලම සැනසූසේක “මා නිසාත් මාගේ මෙහෙකාරවූ දාවිත් නිසාත් මේ නුවර ගළවන්ට මම මේක ආවරණය කරන්නෙමි” (35 පදය). ස්වාමීන්වහන්සේ සෙනාකෙරිබ්ද අෂුර් හමුදාවද පරාජය කළසේක (36-38 පද).

ඔබගේ ජීවිතයට ඉහළින් කුමන භයංකාරත්වයන් ආවත් කමක් නැත. හෙසකියා සහ යෙසායාගේ දෙවියන්වහන්සේ අදද රජකරනසේක අප එකිනෙකාට ඇහුම්කන් දීමටද තමන් වහන්සේ බලවත් බව පෙන්වීමටද උන්වහන්සේ ආශා කරනසේක.