ඇන්සැක් දිනයේ සියවස් සැමරුම වැටී තිබුණේ 2015 අපේ‍්‍රල් 25 වැනිදාටය. එය ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ සෑම වසරකම පැවැත්වේ. එය සමරන්නේ ලෝක යුද්ධයේදී ඕස්ටේ‍්‍රලියා සහ නවසීලන්ත යුධ හමුදාවල, එක් හමුදාවක් ලෙස එක්ව සටන් කළ විරුවන්ට ගරුකිරීමටය. ඉන් සලකුණු වන්නේ යුද්ධයේ භයානකකම් වලට එක් රටකටවත් තනිව මුහුණ දීමට හැකි නොවීමය. එ් රටවල් දෙකෙන්ම සොල්දාදුවෝ අරගලයේදී එකට සටන් කළෝය.

ජීවිත අරගල බෙදාගැනීම ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ජීවත් විය යුතු ක‍්‍රමයේ මූලික කරුණකි. පාවුල් අපට අභියෝග කරන්නාක් මෙන් “එකිනෙකාගේ බර උසුලා එසේ ක‍්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ” කළ යුතුවේ. ජීවිත අභියෝග තුළින් ක‍්‍රියාකිරීමෙන්, අසීරු කාලවලදී එකිනෙකා ශක්තිමත් කර උපාකාර කිරීමට අපට පුළුවන.

ක‍්‍රිස්තුස්වහන්සේගේ සැලකිල්ල සහ දයාව එකිනෙකාට පෙන්නුම් කිරීමෙන් ජීවිත අරගල අපව ක‍්‍රිස්තුස්වහන්සේටත් එකිනෙකාටත් ළං කළ යුතු වන අතර වේදනාවේදී තනි නොකළ යුතුය.

අන් අයගේ දුක් බෙදාගැනීමෙන් අපි ක‍්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය පිළිබඳ ආදර්ශයක් දෙමු. අප යෙසායාහි කියවන්නේ “උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය. දරාගත්තේ අපේ ශෝකය” යනුවෙනි (යෙසායා 53:4) . අපගේ අරගලය කෙතරම් විශාල වුවද අප එයට තනිව මුහුණ නොදෙමු.