ඉලෙට්‍රොනික, ලී හෝ වෙනත් මෙවලමක් සවි කිරීමේදී මගේත් මාගේ පුත‍්‍රයාගේත් ක‍්‍රම වෙනස් වේ. ස්ටීව් තාක්ෂණයට බරය. එහෙයින් ඔහු උපදෙස් පත‍්‍රිකාව පැත්තකට දමා සවිකිරීම ආරම්භ කරයි. මා උපදෙස් උනන්දුවෙන් කියවමි. මා පත‍්‍රිකාව කියවා අවසන් කරන විට ඔහු භාණ්ඩයෙන් භාගයක්ම සකසා අවසාන කරයි.

උපදෙස් නැතිව ජීවිතය ගත කිරීමට සමහර විට අපට හැකිය. එහෙත් දෙවියන්වහන්සේගේ යහපත්කම සහ ප‍්‍රඥාව පරාවර්තනය කරන්නාවූ ජීවිතයක් එකට සන්ධිකරන විට උන්වහන්සේ බයිබලයේ අපට දී ඇති මඟපෙන්වීම, ඉවත දැමීමට අපට නොහැකිය.

බබිලෝනියේ විප‍්‍රවාසයෙන් පසු සියරට පැමිණි ඉශ‍්‍රායෙල්වරුන් මීට හොඳ උදාහරණයකි. ඔවුන් තම දේශයේ නමස්කාරය ස්ථාපිත කිරීම ආරම්භ කළ විට ඔවුන් එය කළේ “මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන” ලෙසය (එස්රා 3:2). ලෙවී කථාව 23:33-43හි ලියා ඇති පරිදී ඔවුන් කූඩාරම් මංගල්‍යය සැමරීම පිණිස නිශ්චිත පූජාසනයක් ගොඩ නැගුවෝය. දෙවියන්වහන්සේගේ වචනයේ මඟපෙන්වී පරිදීම ඔව්හු එය කළෝය.

තම අනුගාමිකයන්හට ක‍්‍රිස්තුස්වහන්සේද සමහර උපදෙස් දුන්සේක. “නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේම කරව” එසේම “නුඹේ අසල්වාසියාට ප්‍රේම කරව” (මතෙව් 22:37,39). අප උන්වහන්සේ විශ්වාස කර උන්වහන්සේ වෙත පැමිණි විට, ජීවත් වීමේ මාර්ගය උන්වහන්සේ අපට පෙන්වනසේක. ජීවිතය ක‍්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න ගැන අපට වඩා අප මැවූ තැනන්වහන්සේ හොඳින්ම දන්නාසේක.