අවට අයගෙන් එන පීඩනය දෛනික ජීවිතයේ කොටසකි. දෙවියන්වහන්සේ ප‍්‍රසන්න කරන දේටත් අප හරියි කියා සිතන දේටත් වඩා අපගේ තීරණ අප පදනම් කරන්නේ අන් අය සිතන සහ කියන දේවල් මතය. අප විනිශ්චයට ලක්වෙතැයි හෝ අප සිනහවට භාජනය වෙතැයි කියා අපි කණස්සලු වෙමු. පාවුල් අපොස්තුළුවරයාද අන් අයගේ පීඩනයට සෑහෙන දුරට ලක්වූ අයෙකි. සමහර යුදෙව් කිතුනුවන් විශ්වාස කළේ අන්‍ය ජාතීන් නිසි ගැළවීම ලැබීම පිණිස චර්මෙඡ්දනය ලැබීම අවශ්‍ය බවය (ගලාති 1:7;6:12-15). කෙසේවෙතත් පාවුල් තම විශ්වාසයන් මත ම සිටියේය. ගැළවීම ඇදහිල්ලෙන් ලැබෙන අනුග‍්‍රහය තුළින් පමණක් බවත් වෙනත් කි‍්‍රයා ගැළවීමට අවශ්‍ය නැති බවත් ඔහු නොනවත්වා දේශනා කෙළ්ය. එහෙයින් ඔහු තමන්ටම පත්කරගත් අපොස්තුළුවරයෙකැයි චෝදනා කරනු ලැබීය. ඔවුන් තවරදුටත් කීවේ ඔහුගේ වර්ගයේ ශුභාරංචියට කිසි දිනෙක අපොස්තුළුවරුන්ගේ අනුමැතිය නොලැබෙන බවය (2:1-10).

පීඩනය මධ්‍යයෙහි දී පවා තමන් සේවය කරන තැනන්වහන්සේ ක‍්‍රිස්තුස්වහන්සේ බව ඔහු ඉතා පැහැදිලිව දැන සිටියේය. වඩාත් අවශ්‍ය වන්නේ මනුෂ්‍යයින්ගේ අනුමැතිය නොව දෙවියන්වහන්සේගේ අනුමැතියයි. ඔහු තම ඉලක්කය කර ගත්තේ මිනිස් අනුමැතිය නොව දෙවියන්වහන්සේගේ අනුමැතිය දිනා ගැනීමයි (1:10). එලෙසම අපද ක‍්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝය. සෙනඟ අපට ගරුකළද හෙළා දැක්කද අපට ප‍්‍රශංසා කළද අපහාස කළද අප දෙවියන්වහන්සේගේ සේවකයෝය. එක් දිනකදී “අප එක් එක්කෙනා තම තමාගේ ගැන දෙවියන්වහන්සේට ගණන් දෙනවා ඇත” (රෝම 14:12). සෙනඟ කියන, කරන දේ ගැන සැලකිලමත් විය යුතු නැතැයි ඉන් නොකියවේ. එහෙත් අපගේ අවසන් පරමාර්ථය දෙවියන්වහන්සේ ප‍්‍රසන්න කිරීමය. “යහපත්වූ විශ්වාසවූ දාසය එ් යහපත” කියා අපගේ ගැළවුම්කරුවාණන් කියනවා ඇසීමට අපට අවශ්‍යවේ (මතෙව් 25:23).